අංජුල මහික වීරරත්න
මේ සතියේ කැබිනට් සංශෝධනයක් වනු ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 30 වඩා වැඩි කළ හැකි දැයි නීතිපති මතය විමසා තිබෙන බව කී නියෝජ්‍ය ඇමැතිවරයා නීතිපති මතය දැනගත් පසුව කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බව සඳහන් කළේය.
කැබිනට් සංශෝධනයක් වන බවට පළවන තොරතුරුවල සත්‍යතාවයක් තිබේ දැයි සිරිකොත් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (6) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ කැබිනට් සංශෝධනයක් සිදුවිය හැකි අතර එය මතාගේ පෞද්ගලික මතයක් පමණක් බවයි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර

COMMENTS
හැම ආණ්ඩුවකටම තියන එකම ජොබ් එක කැබිනට් එක පත් කරකර ඉන්න එක.
ඕක තමයි රටට කෙළවෙලා තියෙන්නේ.. හිතෙන හිතෙන දේ කියවනවා. රෑට හීනෙන් පේන දේ කරන්න යනවා. දැන් ඉන්න හැම පක්ෂයම දෙශපාලනයේ යෙදෙන්නන් රෑට හීනෙන් පේනදේ සහ තමන්ට හිතෙන දේ කරන්න ගිහින් තමයි රටට කෙළවිලා තියෙන්නේ... ගොඩ එන්න බැරි වලක දාලා තියෙන්නේ... යකෝ මෙක පටන් ගන්න ඉස්සෙල්ලා සංශෝධනය රට හදන්නම වෙන්නැති. ලෝකෙටම පීචං වෙනවා...
තාවකාලික සේවය සඳහා පත්කරගත් "දින කිහිපයේ" සමහර ඇමතිවරු මෙහෙම හිතනවා: "පුදන කොටම කාපී යකා"කියල! දොළ පිදේනි වැඩියෙන් දුන්නා නම්, වැඩි කාලයක් ඔවුන්ට ඉන්නත් තිබුණා .
නිකන්ද මම කලිම කීවේ මේ ඇමතිකම් සුමානෙන් සුමානෙට වෙනස් වෙනවා කියලා.