(හර්ෂණ තුෂාර සිල්වා)
මෙම වසරේදී ගෙවීමට ඇති සම්පූර්ණ ණයවල ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.9ක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (2) පැවැසීය.
එම ණය මුදලින් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක් අලුතෙන් ජනනය කරගත යුතු යැයි ද මහ බැංකු අධිපතිවරයා කීය.
නව වසරේ පළමු මාධ්‍ය හමුව පවත්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම කරුණු කීය.
මාධ්‍ය හමුවට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් හා මූල්‍ය අංශවල ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්විණි. ‘පෙර දැක්ම - 2019 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශවල ප්‍රතිපත්ති’ යනුවෙන් එය නම් කර තිබිණි.
ඔක්තෝබර් 26 වැනිදා ඇති වූ දේශපාලන අර්බුදයෙන් සිදු වූ හානිය ගණනය කළ නොහැකි බව ද මහ බැංකු අධිපතිවරයා කීය. අර්බුදය ඇති වීමට පෙර තත්ත්වයත්, එසේ නොවුණා නම් තත්ත්වයත් අර්බුදයෙන් පසු තත්ත්වයත් යන කරුණු නිසා එසේ ගණනය කිරීමක් කළ නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම අර්බුදය නිසා ආර්ථිකයට සිදු වූ හානිය සලකා බැලීමේදී ‘සිතන ආකාරය සහ විශ්වාසය’ යන කරුණු පිළිබඳව අමතක නොකළ යුතු බවත් කෙනෙක් සිතන ආකාරයට සහ විශ්වාසයට පිළිබඳ ගණනයක් කළ නොහැකි බවත් කීවේය.
අයවැය සම්බන්ධයෙන් තම සර්ව සුබවාදී හෝ අසුබවාදී නොවන බවත් ආණ්ඩුව යථාර්ථවාදීව කටයුතු කළ යුතු බවත් පෙන්වාදුන් බව කී මහ බැංකු අධිපතිවරයා තමන් මාධ්‍යයට පැවැසූ කරුණු ආණ්ඩුවට ද කී බව සඳහන් කළේය.
ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව පහළ ශ්‍රේණීවලට දැමූ බැවින් මූල්‍ය ආයතන සමඟ නැවත අලුතෙන් සාකච්ඡා කරන්නට සිදුවූ ඇති බව පැවැසූ මහ බැංකු අධිපතිවරයා ඉදිරි සති කිහිපයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව ද කීවේය.
COMMENTS
ඉතින් මොකද කියන්නේ ඒජාපයෝ කියන සහන දෙනවාද නැතිනම් බදු ගහනවාද ?
සාමාන්‍යයෙන් රටේ සංචිත වල තිබෙන්නේත් ඩොලර් බිලියන 8 ක් පමණයි. ණය ගෙවීම සඳහා බිලියන 5.9 ක් භාවිතා කලොත්, ඉන්ධන වැනි අනිකුත් ආනයන සඳහා මුදල් සොයා ගන්නේ නැවතත් ණය ලබාගෙනද? ඉන්ධන පිටරටින් ආනනයන කරන මුදලට සරිලන සිල්ලර මිලක් රටේ මිනිසුන් ගෙවීමට පුරුදු විය යුතුයි. මා සිතන්නේ ලංකාව අද වැටි තිබෙන ආර්ථික අර්බුධයට ප්‍රධාන හේතුව නම්, රටේ මිනිසුන් (දේශාපලක්යින් ඇතුළුව) යථාර්ථවාදීව ජීවත් නොවීමයි.
අලුත් ඇමති මණ්ඩලයට තව වාහන ටිකක් ගෙන්නමු එතකොට ඩොලර් බිලියන 2.9ක් "අලුතෙන් ජනනය" කල හැකියි
ඔබතුමා වගේ ආචාර්ය උපාධියක් තියන ආර්ථික විද්‍යාඥයෙකුට ආණ්ඩු පෙරළියෙන් උන පාඩුවේ ගණන් හදාගන්න බැරි උනාට දත් දොස්තර කෙනෙක් නම් අන්තිම සතයටම ගාන හදලා මාධ්‍ය වලටත් ප්‍රකාශ කළා.
එ් කියන්නේ ලංකාවේ හැම මිනිහෙක්ම මේ අවුරුද්දේ රු 5000ක් පිටරට ණය ගෙවන්න වෙන් කරන්න වෙනවා. එ් වගේම එ් සඳහා පමනක් ගිය අවුරුද්දේ හෙව්වට වැඩියෙන් රු. 5000ක් අලුතින් උපයන්න වෙනවා. එහෙම වුනොත් විතරයි ණය ගෙවෙන්නේ. නැත්නම් එම ණය ඉදිරියට යනවා මෙන්ම තව ණය වෙන්න වෙනවා.
එය අහිංසක මහජනයාගෙන් නොව හොරුන් ගෙන් අය කර ගන්න, බිලියන් නොව ට්‍රිලියන් සොයාගන්න පුළුවන්.
ට්‍රම්ප්ගේ මෙක්ෂිකොවට මායිම්කර හදන්ට යෝජනා කරන තාප්පෙටවත් එතරම් වියදමක් යන්නේ නෑනේ.