(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය අංශ අසීමිතව කැපවීම් කර ලබා ගත් ජයග්‍රහණය විපක්ෂයේ උද්ඝෝෂණය නිසා විනාශවීමට ඉඩ ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය.
මෙවැනි ආකාරයට උද්ඝෝෂණ පැවැත්වීම වීරත්වයට හෝ අභිමානයට හෝ හේතුවක් නොවන බව පැවසූ ජයසුමන මහතා මෙය ලැජ්ජාව සඳහා කාරණයක් බවද සඳහන් කළේය.
විපක්ෂය කෙළින පිස්සු දැක්කම එන්නත්කරණය තවත් වේගවත් කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.
විපක්ෂයේ හැසිරීම ගැන කනගාටු වන බවත් මෙය වගකිවයුතු විපක්ෂයක කාර්යභාරය නොවන බවත් චන්න ජයසුමන මහතා කීවේය.
කොවිඩ් මේ තත්වයට පාලනය කර ඇත්තේ සෞඛ්‍ය අංශ අසීමිතව කැපවීම් කර බවත් ඒ කිසිම දෙයක් තකන්නේ නැතිව විපක්ෂය මිනිසුන් පාරට අරගෙන උද්ඝෝෂණය සඳහා යොමු කර ඇති බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
මේ ආකාරයට මිනිසුන් එළියට බස්සවා අගෝස්තු මාසයේ ඇතිවූ තත්වය නොවැම්බර් අන්තිම සතියේ ඇති කිරීමට කටයුතු නොකළ යුතු බවත් මේ අවස්ථාවේදී රට ගැන හිතන්නැයි තමා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ජයසුමන මහතා කීවේය.
විපක්ෂය මෙයට වඩා නිර්මාණශීලී විය යුතු බවත් අප මේ වෙලාවේ විපක්ෂයේ සිටියේ නම් මේ විදියට නොහැසිරෙන බවත් ඔහු පැවසුවේය.
මේ විදියට උද්ඝෝෂණ දෙක තුනක් ලැහැස්ති කළොත් විපක්ෂනායකවරයාගේ කළමනාකරණය දුර්වල බව ඔප්පුවීමෙන් ඔහුගේ විපක්ෂනායකකමත් නැතිවන බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්...
හැබැයි මේ වෙලාවේ හොරකම හා කොමිස් ගැහිල්ල හොඳ දෙයක්... අනේ මේ කියන්නේ කලදුටුකල වල ඉහගන්න උදවියයි.
බස් කෝච්චි වල මිනිස්සු තෙරපිලා යනකොට කොරෝනා හැදෙන්නේ නැතෙයි? පන්සල් පල්ලි කෝවිල් වල උත්සව වල ඉන්න සෙනග දැක්කම ඒවගෙන් කොරෝනා හැදෙන්නේ නැතෙයි? කාර්යාල වල මිනිස්සු පිරිලා රොත්තට කෑම කනවා, ට්‍රිප් යනවා ඒවගෙන් හැදෙන්නේ නැතෙයි? දැන් ඉතින් ඔක්කොම කුණු උදඝෝශනේ ට දාල අපහු ලෙඩ්ඩු වැඩි උනාම කියන්න දෙයක් තියනවනේ.
දම්මික පැණියයි, ගඟට මුට්ටි දානකොට අවුලක් නැතුවා. වියත්මග ඉන්න අය කියන කතා දැන් කවුද ගණන් ගන්නේ..?
කොරෝනා රජයට මිනිස්සුන්ව රවට්ටන්න හොඳ ආවරණයක්. කොරොනා නාමයෙන් මිනිස්සුන්ට කොමිස් ගන්න දීලා වහන්න ඕන.
පාර්ලිමේන්තු කඩේ අප්පුවා කියන ඒවා විහිලු.
දාමු මුට්ටියක් බෝක්කුවකට..... බොමු පැනියක්.....
මහා පරිමාණ කථින පූජාව නිදහස් කෙරේ!
මහජන විරෝධය මැඩගෙන සිටීමට අනීතික බලය යෙදූ කිසිම පාලකයෙක් හෝ රජයකට පැවත්මක් තිබුනේ නෑ. මිනීකඳු නිර්මාණය කල කිසිම පාලකයෙක් රටකට සේවය කරලත් නෑ. තාවකාලිකව බලය අල්ලාගෙන රටට විනාශය කැඳවීම පමණයි.
ඒගොල්ලෝ හිතනවා ඒක වීර කමක් කියලා. ඡන්දේ කාලෙත් ඔය සෙනග හිටියා අපි දැක්කනේ.
කොරෝනා නාමයෙන් මිනිස්සුන්ට කොමිස් ගන්න දීලා ? ඒ මොකක්ද ටිකක් පැහැදිලි කරන්න? කොමිස ගන්නවා කියන එක වෙළඳ ලෝකේ වෙළඳ කටයුත්තක්. බැංකු පවතින්නේ කොමිස් හා පොලී නිසා? තවත් වෙළඳ කටයුතු සම්පුර්ණයෙන් රඳා පවතින්නේ කොමිස් නිසා. නොදන්නා දේ කතා නොකර හිටියොත් නොදන්නා බව ලෝකෙට පෙනෙන්නේ නැහැ.
ආණ්ඩුවේ සමහර උදවිය පුදුම සහගත ලෙස මෝඩකම ප්‍රදර්ශනය කරන බව පහේ පංතියට ඉගෙනගත් කෙනෙකුට උවත් පැහැදිලියි. ඒත් උපාධිගත් වහල් ජනතාවක් සැමදා වාසි පැත්තට හිස නමන බවත් ඇත්ත. හැබැයි කාටවත් දේශපාලන ගැතිකම් නොකරන නිවහල් ජනතාවකට උනත් මේ වෙලාවෙ උද්ඝෝෂණය කිරිම් අනුමත කළ නොහැකියි.
එදා සර්ගේ කටිනෙට කී දෙනෙක් ආවද බූරුවෝ ?
නිර්මාණශීලීත්වය ගැන ඔබ දන්නේ කුමක්ද?
රැකියාවට යන මිනිස්සු පොදු ප්‍රවාහන සේවා වලින් යද්දී ඔලුවෙන්, කරෙන් පටවාගෙන තනි ඇඳෙන් එල්ලිලා යන එනකොට කොවිඩ් ප්‍රශ්නයක් නැද්ද.?
කොරොනා බියට වඩා දැන් බඩගිනි බිය වැඩි.
අර ගම්මන්පිල කිව්වෙත් ඒ වගෙ කතාවක් සුපුගස්කන්දේ ගිනි දැල්ල නඩත්තු කටයුතුවලදී නිවෙනවා කියලා. ආණ්ඩු බලය ලබාගෙන අසීමිතව හොරම්කම් කරන උන්ට අමාරුකම් නැතුවට මිනිස්සුන්ට එක වේලක්වත් කන්න නැහැ, විපක්ශ නායක් ගොනාට රන්ජන්ට තෙවරප්පෙරුමට තරම්වත් මිනිස්සු ගැන හැගීමක් නැහැ. ඒ දෙන්නා නැති බැරි මිනිස්සුන්ට පුලුවන් විදියට කන්න දුන්නා. මිනිස්සු පාරට බහින්නෙ විපක්ශයේ ඉන්න හොරුන්ට කන් දීලා නෙවෙයි. ඉවසන්න බැරිම තැනයි.
පැනිය මිනිස්සුන්ට බොන්න කියලා කරපු දේවල් අපිට තාම මතකයි.