‘පාස්කු දා ප්‍රහාරය මටත් පෞද්ගලිකව වැදුණු ලොකු පහරක්. ඒ වේදනාවෙන් තවමත් මම පීඩා විඳිනවා. මේ දේවල් හොඳටම දැනගෙන ඒවා මඟහැර ගැනීමට කටයුතු නොකරපු ඒ නිලධාරීන් විතරක් නොව මේ රටේ නායකත්වය පවා මේ විනාශයට වගකිව යුතු බව මා නැවත වරක් ප්‍රකාශ කරනවා.’යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසුහ.
කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබුවන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ දිව්‍ය පූජාවෙන් පසු කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ දී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ මෙසේ කීහ.
එහිදී අගරදගුරු හිමියෝ මෙසේ ද පැවසුහ.
‘පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ අයගේ ජිවිත වලට සිදුවූ මේ විනාශය දේව කැමැත්ත අනුව සිදුවූ දෙයක් නොවන බව පැහැදිලියි. එය මනුෂ්‍යාගේ පව්කාරකම තුළ සිදුවූ දෙයක්. මනුෂ්‍යාගේ පව්කාරකමේ ගොදුරක් බවට අපේ සහෝදර සහෝදරියෝ පත්වුණා.’
ඒ වරද කළ අයට අත හෝදගන්න බැහැ. මේ වරද කළ අයට දඬුවම් කරන්න ඕනෑ. එය කළ යුත්තේ ඔවුන්ව බලතල වලින් පහ කිරිමෙනුයි. මේ වාගේ වගකීම් දැරීමට නොහැකි අය අපේ රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. සමහරු තවම නිදැල්ලේ හැසිරෙනවා. සමහරු සාන්තුවරු වගේ ඉන්නවා. ඔවුන් හිතනවා බේරිලා ඉන්න පුළුවන් කියලා. මනුෂ්‍යාගේ විනිශ්චයාසනයෙන් දඬුවම් නොලැබුණත් දෙවියන්ගේ විනිශ්චයාසනයෙන් දඬුවම් ලැබෙනවා. මේ අපරාධය නොකළා මෙන් නිහඬව සිටින අදාළ පුද්ගලයින්ට දඬුවම් කිරිමට මැලිවන අයට දෙවියන් වහන්සේගේ දඬුවම ලැබෙනවා.
‘ආත්මාර්ථකාමී අදහස් හා දේශපාලන මතිමතාන්තර මුදුන්පත් කිරිමට කටයුතු කළ සියලු දෙනාටම දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලැබෙනවා. දැන් මගේ පස්සෙනුත් එලවනවා කියලා ආරංචියි. මම බය නෑ. මගේ ජිවිතය ඔබට සහ දෙවියන්ට අයිතියි. ඕනෑම වේලාවක ජිවිතය පුජා කරන්න මම සුදානම්.’
එම දිව්‍ය පුජාව සඳහා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීහු සහ තුවාල ලැබුවෝ සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති උතුම් ඔබතුමා ඉදිරියට ගත් පය නැවත පස්සට තබන්න එපා, අපි ඔබතුමා සමගයි.
කොන්ද කෙලින් තියෙන සිංහල ආගමික නායකයෙක් හැටියට ඔබ වහන්සේ අපිට ආඩම්බරයක්.
රටේ නායකත්වයට ඡන්දයක් නම් දිනලා හමාරයි. හබන් කුකුළන්ට නම් ජයමඟුල් වගේ දැනෙනවා ඇති...
ඔබතුමා හරියට හරි, නමුත් ලොකු පන්සල්වල මේ තිරිසන් දේශපාලකයන්ට පිරිත් නූල් බඳිනවා.
උන් වහන්සේගේ අදහස් දැක්වීම තුළ සිතන්න යමක් තිබෙන බව අවසනාවන්ත සිද්ධිය සිදුවී දැනට දවස් 21කුත් පසුවෙන්න අාවා. රජයේ පරීක්ෂණ වල සහ ජාතික අාරක්ෂාව සම්බන්ධව සෑහීමට පත්විය හැකි කිසිඳු අාකාරයක වැඩ පිළිවෙලක් මේ රජය කරන්නෙ නැහැ. වුවමනාවෙන් මග හරිනවා. මෙහි සිදුවු අැත්ත සිදුවීම සහ සත්‍ය දැන් උන්වහන්සේට දැන ගැනීමට ලැබෙන්න අැති. අපි බෞද්ධයන් හැටියට කිතුණු ජනතාවත් සමග ඔබ වහන්සේව අාරක්ෂා කර ගැනීමට ඕනෑම දෙයක් කිරීමට සූදානම්...
රටේ නායකත්වය දරන්නේ පූජකයින්. ලංකාවේ දේශපාලකයින් විශ්‍රාම ගිය උදවිය හා සමානවයි මට පේන්නේ. පාර්ලිමේන්තුව පොඩි ෂොට් එකක් ගහල දෙපැත්තකට වෙලා කියව කියවා ඉන්න බාර් එකක් වගෙයි මට පේන්නේ. ලංකාවේ නීති රටක් ලෙස ක්‍රියාත්මක නොවේ. පූජකයින්ට ඕනේ ඕනේ විදියට මිනිසුන්ගේ අදහස් වෙනස් කරනවා. මිනිහෙක් වුණාම කීයක් හරි හම්බ කරගෙන කාලා බීලා සතුටින් ඉන්න හදන්නේ. කාලා බීලා සතුටින් ඉන්න එක ලේසි නැත්තේ පූජකයින් විසින් ජීවත්වීමට අවශ්‍ය නීතිවලට අමතරව ඒ ඒ ආගමට අදාල වූ නීති ගොඩකින් මිනිසුන්ව හිරකර ගෙන සිටින නිසා.. මිනිසුන්ට හුස්ම ගැනීමට අමාරු වී ඇත. හුස්ම ගැනීමට අමාරු වූ විට සිහිය පවත්වා ගැනීමට අමාරුයි. සිහිය හරියට ආරක්ෂාව වගේ. ආරක්ෂක අංශ දුර්වලයි කියන්නේ සිහිය නැහැ වගේ වැඩක්...
මේ අවාසනාවන්ත සිද්ධියේ තොරතුරු ඔත්තු සේවාවන් සපයා දී තිබියදීත් ඒ පිළිබඳව ආරක්ෂක පියවරක් ගැනීමට නොහැකි වීම පිළිබඳව රජය වගකිව යුතු බව ඇත්ත... නමුත්, සිද්ධියට පසු ආරක්ෂක අංශ මගින් සිදුවිය යුතු දේ සිදුවන බවක් පෙනෙන්නට තිබෙනවා.
මිනිස් සිත් කියවූ එඩ්ගා කේසිගේ කියමන් ඇසුරින් ලියා ඇති පොතක් පෙරවිසූ සුමංගල නම් හිමිනමක් විසින් සිංහලට පරිවර්ථනය කරල තියෙනවා. එහි දැක්වෙන කථාවලින් කියවෙනවා වරදක් කලොත් එය කුමන ආත්මයක හෝ විපාක දෙනවා කියා. කාදිනල් හිමියන්ගේ කථාවෙන් කියන්නේත් එයම කියලයි මට හිතෙන්නේ...
අති ගෞරවණිය කාදිනල්තුමනි, අවි ගත්තෝ අවියෙන්ම නසිති. වරද කළවුන්ට කිසිවිටක් සමාවක් නැත. එහෙත් මෙය දැනදැනත් නොදැන සේ සිටියවුන්ටත් කිසිම දිනක සමාවක් නොදියයුතු අතර නැවත ජනතා හමුවට ඔවුන් වැද්ද නොගත යුතුයි...
අතිගරු අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමනි, ඔබවහන්සේගේ අදහස් අපද අගය කරන්නෙමු. නමුත් අප නම් තරයේ විස්වාස කරන්නේ නිලධාරින්ට අමතරව මේ 225 ම මේ සාපරාධි අවාසනාවන්ත සිදුවීමට වග කිවයුතු බවට. කිසිදු කෙනෙකුට මෙම මහා පාපකර්මයෙන් බේරීමට නොහැකි බවත් ගෞරව පුරවකව දැන්වීමට කැමැත්තෙමු. ඔබවහන්සේට තිසරණ සරණයි.
මෙය පසුපස බලය උදෙසා පන්නන පිරිසක් සිටිනා බවයි පෙනෙන්නේ... සෑම සුමානයකම එදිනෙදා ජනජීවිතය කඩාකප්පල් කරන්නේ සැලැස්මක් ඇතිව... ආරක්ෂක අංශ කඩාකප්පල්කාරීන් පලවා හරිනවා වෙනුවට සියලු දෙනාම අත්අඩංගුවට ගෙන තොරතුරු දැනගැනීමෙන් කව්ද මේවා මෙහෙයවන්නේ කියලා තොරතුරු දැනගත හැකියි... දැන් පවතින්නේ හදිසි නීතිය... දැන්වත් නැගිටිමු. දේශපාලන ත්‍රස්තවාදීන් පලවා හරිමු...
රදගුරුතුමනි ඒගොල්ලෝ ඉන්නේ නිලධාරීන් කළ දේවල් තමන් කල දේවල් සේ පෙන්නා තමන්ගේ නම් කෙටු ගල් පුවරු විවෘත කිරීමට පමණයි.
නිලධාරීන් සහ පාලකයන් පමණක් නොව විපක්ෂයේ අයත් වගකිව යුතුයි. ඔවුනුත් දැනගෙන හිටියා මේ ප්‍රහාර ගැන. ඔවුනුත් ඔවුන්ගේ වගකීම පැහැර හැරියා. ඔවුන්ට තිබුණා මේ ප්‍රවෘත්ති ගැන ප්‍රශ්න කරන්න.
ඔබේ වහන්සේට තෙරුවන් සරණයි , සියලු දෙවි රැකවරණය ලබෙල්න්න ඕනේ... මේ දේශ පාලුවෝ 225 ගෙන් මේ රට බේරගන්න, සියලු ශ්‍රී ලාංකිකයන්ට තියෙන්නේ ඔබ වහන්සේගේ රැකවරණය විතරයි.....
මේ වගේ ලොකු විනාසයක් වෙයි කියලා අවුරුදු ගානකට කලින් ඉදලම නොයෙකුත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා පාරවල් ගානේ උද්වේගතරව අදහස් ප්‍රකාශ කරන කොට භික්ෂුන්ට බහුතරයක් අය අපහස නින්දා කලා හැරෙන්න එහි සත්‍යය දැක්කේ නැහැ.
ඒක ඇත්ත...
අපිට නායකයෙන් නැහැ කියන එක දැන් තේරෙනවාද ?
කාදිනල්තුමනි, කොටහේන ප්‍රදේශයේ 95%ක් පදිංචිකරුවන් දමිළයින්ය. ඔවුන් මේ පාදඩ දේශපාලකයන් පන්නා දමන්නේ නැත. මෙන්න කැට. ඔවුන් එජාපයෙක් පරාද කළොත් මම පල්ලිය වටා දණ ගාමින් යමි...
විපුල අපිට කශේරුකාවක් ඇති රාජ්‍ය නායකයින් දැනට නැත...