(සුජිත් හේවාජුලිගේ )
මුං වගා කරන ගොවීන් සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මූල්‍ය ආධාර ලබාදෙන ලෙස නිලධාරීන්ට මෙසේ උපදෙස් දී ඇත්තේ වාරි පහසුකම් මදිවීම මත යල කන්නයේ වී වගා කළ නොහැකි වගා බිම්වල අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගා කරන්නන් සඳහා යැයි ජනාධිපති කාර්යාලය පවසයි.
වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගා කරන්නන් සදහා රජයේ සහායවීමට අපේක්ෂා කරන බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවත් එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
COMMENTS
ඉතා වැදගත් තීරණයක්... මුං වගාවෙන් පසේ නයිට්‍රජන් සංයුතිය වැඩි වෙනවා. ඊළඟට දාන මොන වගාවටත් එය වාසිදායකයි.
ගොවියා පාරට දාලා මොන ආධාරද? සර් අසමත්...
පොහොර නැති නිසා වී වගාවත් නැත... මුං වගාවත් නැත. මෙයාට මේක තේරෙන්නේ නැද්ද?
මුලින්ම කිව්වේ ගොවීන්ට වන්දි දෙන්නත් කටයුතු කරනවා කියලා. ආණ්ඩුවේ අය වාචිකව කියන දේ සියයට අනූවකට වඩා බොරු වී තිබෙනවා. ඉතිහාසය පුරා අහිංසක මිනිස්සු නායකයින් සැහැල්ලුවෙන් පවසන දේ මතසිට බැංකුණය පවා අරගෙන අමාරුවේ වැටී තිබෙනවා. ලංකා ආණ්ඩුවට වැඩකරන අය වැදගත් විදියට පිළිවෙලට ලිඛිතව සැලසුම් කිරීමට පටන් ගන්නේ කවදාද..?
දැන් ඔය ‘‘මුං‘‘ කිව්වේ ගොවියන්ටද?
කවුරුත් දැන් කියන්නේ මේ අය එපාවෙලා කියලා සර්...
රටම බංකොළොත් වෙන තැනට වැඩකරලා තව ආධාර ගැනත් කියනවා. කටින් බතල හිටවනවා...
මේ අයගේ මොලේ අවුල්, පොහොර නැතිව කවුද වගාකරන්නේ...?
නන්දෙ රටටම කෙලෝලා, බයිලා කියවනවා.
ගොවීන්ට පොහොර දුන්නානම් ගොවිතැන් කරාවි. බයිලා කියන්න එපා.
මෙහේ කිලෝව 850/- තියෙන මුංඇට කොටසක් තැම්බෙනවා, කොටසක් තැම්බෙන්නේ නැහැ. එතකොට කන්න වෙන්නේ කොටසක් අමුවට, ඉතිරිය තැම්බිලා...
මේ මනුස්සයා මේ රට විනාශකරලා හමාරයි. අපේ රටේ වාසනාවට ෆොන්සෙකා මහත්තයාට යුද්දෙ බාරවුණේ.. නැත්නම් යුද්ධය තාමත් යනවා.
නිසි පොහොර නොමැතිව කවර බෝගයක් වුවත් වවන්නේ කෙසේද?
මෙන්න මොවුන්ගේ මොලේ වග කරන්න ක්‍රමයක් තියෙනවා නම් රටට හොඳයි. නැතිනම් පයින් ගහලා එළවලා දාන්න ඕනෑ....
නියම වැඩ පිළිවෙලක්
මේ රටේ මිනිස්සු මුං ඇට කනව අඩුයි... කරුණාකර පරිප්පු වගා කරන්න උත්සාහා ගනිමු
අපි දැන් පුන්නක්කු කන එක නතර කරලා මුං ඇට කමු
සෞභාග්‍යයේ දැක්ම .රට රකින අපේ විරුවා .ජය වේවා