(නිමන්ති රණසිංහ)
"මා හොඳින් මා ගැන සොයා බලා මට ඉක්මන් සුවය පැතුවූ ඔබට බොහොම ස්තුතියි.."
කෝවිඩ් රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හිටපු මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සිය මුහුණු පොත ඔස්සේ තමන් සුවෙන් බවට ප්‍රකාශයක් සටහන් කර ඇත.
"මට දැන් හොඳයි. තව දවස් තුන හතරකින් යන්න පුළුවන් කිව්වා. මට අමාරුයි කියලා කියල වෙන කෙනෙකුගේ ෆොටෝ එකක් දාලා තිබ්බා. මට ඉක්මන් සුවය පතල දාලා තිබ්බා. ඒකට සතුටුයි..." යනුවෙන් ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තම මුහුණු පොතේ එසේ සටහන් කර තිබේ .
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් කරමින් ඡායාරූපයක් සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අසත්‍ය පුවත සහ එම ඡායාරූපය ව්‍යාජ එකක් බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය ද ඊයේ (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි .
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘මා දැන් සුවෙන්‘‘
Bamunuarachchi Thursday, 26 August 2021 10:21 AM
ඔබතුමාට අසාධ්‍යයි කියා සමාජ මාධ්‍යවල පොටෝ දාපු කෙනාට සැලකුවොත් හොඳයි නැවත එහෙම වැඩ නොකරන්න.
Dilshan Thursday, 26 August 2021 10:32 AM
මෙයාගේ නිරෝධායන නීතියි ඔක්කොම පොඩි මිනිහට විතරයි.
janahithaThursday, 26 August 2021 10:52 AM
අපෝ ඔය අදහස්
කිරි පුතා Thursday, 26 August 2021 10:59 AM
ඉතා ප්‍රසන්න මහත්මයෙක්. හදවතින්ම සුවය ප්‍රාර්ථනා කරමි.
ජයරත්න- Thursday, 26 August 2021 11:01 AM
තෙරුවන් සරණයි ඔබ තුමාට
Sunil Thursday, 26 August 2021 11:12 AM
ඔහු සුවය ලැබීම ගැන දෙවියන්ට ස්තූති වේවා.!
mihira Thursday, 26 August 2021 11:13 AM
ඔබවගේ නිහතමානී ගුණ ඇති යහපත් අයට බය වෙන්න දෙයක් නැහැ.
Bamunu Thursday, 26 August 2021 12:00 PM
ඉක්මනට එන්න ප්‍රකාශ නිකුත් කරන්න.
ප්‍රසන්න Thursday, 26 August 2021 12:23 PM
ඉතා සතුටුයි. හැමෝම ඔබතුමාට සුව පැතූ අතර අර බොරු පෝස්ට් හදපු එක්කෙනාගෙ පරමාර්ථය මොකක් වුනත් ඔබ වැනි යහපත් කෙනෙක් වෙනුවෙන් රටම දුක් වුනු බව හැමෝම දැනගත්ත. ලංකාවෙ හොඳ අය හුඟක් වුනත් දරා ගන්න බැරි සමහරෙක් තානාපති පත්වීමක් දී වෙන රටකට යවයිද දන්නෙ නෑ. එහෙම කලොත් රටට තමා පාඩු.
chandana Thursday, 26 August 2021 12:58 PM
කාට හරි මෙතුමව අවුල් නම්, කවුරුහරි මෙතුමට ගරහනව නම්, ඒ්ක ඒහෙම කරන අයගේ අවුලක් මිසක් මෙතුමගෙ අවුලක් නෙවෙයි. කවුරුහරි මෙතුමට අපහාස වෙන දෙයක් කියනව නම් කරනව නම් ඉතින් කිසිම සැකයක් නැහැ ඒ් පුද්ගලයා රටටම අවුල් චරිතයක් විය යුතුයි.. ඔබතුමාට ඉක්මන් සුවය පතමි...
marikkar Thursday, 26 August 2021 01:33 PM
හොඳ චරිතයක් නිසා මෙතුමාට ඉක්මන් සුවය පතනවා.
Nihal Thursday, 26 August 2021 04:07 PM
පොලිස් නිලධාරියෙකුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්න මැලි වෙන ජනතාව පවා ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කලා. ඒ වගේම ඔබටත් යුතුකමක් තියෙනව මාධ්‍ය ප්‍රකාශක විදියට ඇත්ත ඇති හැටියෙන් ඔබ වෙනුවෙන් දුක් වුණු මිනිස්සුන්ට දැනුම් දෙන්න. ඔබ තව දුරටත් දේශපාලනික මගපෙන්වීම් මත කටයුතු නොකරයි කියන බලාපොරොත්තුව ජනතාව ළඟ තියනවා.
ලංකාවෙ අපිFriday, 27 August 2021 02:38 PM
ලංකාවේ ෂර්ලොක් හෝම්ස් වගේ වැඩ කරන්න බෑ. මේ වගේ නිලධාරින් දූෂිත පාදඩ දේශපාලන සමාජෙ තෙම්පරාදු වෙලා නැති නිසා සාමාන්‍ය නීතිය ගැන කථාකරලා පොලිස් දෙපාර්තමේන්තුවට සේවය කරලා දේශපාලනය නොකර විශ්‍රාම යන එක තමයි හොඳ... ලෝකයේ දූෂිත අංකයේ ඉහළටම ආසන්නයේ අපි ඉන්නේ... කෙළින් කථාකරපු මිනිස්සු හිරේ යවලා සහ මිනීමරුවන් පාර්ලිමේන්තු යවලයි... ආඩම්බර ඇති හැටනමයටනේ...