
(ෂේන් සෙනෙවිරත්න)
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිසිදු ආයතනයක රැකියාවක නිරත නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ බෝග විද්‍යා අංශයේ මහාචාර්යවරයකු වශයෙන් රැකියාව කරන බවත් කිසිදු තනතුරකින් අස්කළ බවට මෙතෙක් ලිඛිත දැනුම්දීමක් නොකළ බවත් මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කියයි.
මාරඹේ මහතා මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව අවධාරණය කළේය.
අපට විශ්ව විද්‍යාලයේ හරහා රජයේ ආයතන සහ පෞද්ගලික ආයතනවලින් ආරාධනා ලැබෙනවා විවිධ කමිටුවල සාමාජිකත්වය ගන්න.
ඒ අනුව අප පීඨාධිපතිවරුන් හරහා එම ආරාධනා පිළිගෙන ඔවුන්ට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික දායකත්වය ලබා දීමට අප බැඳී සිටිනවා.
ඒ අයුරෙන් ගිය වසරේ දෙසැම්බර් මාසයේදී කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ආරාධනාවක් ලැබුණා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ක්‍රියාවලියට දහතුන් දෙනෙකුගෙන් යුත් කමිටුවක් නිර්මාණය කර තිබෙනවා. එම කමිටුවේ සාමාජිකයකු හැටියට සේවය කරන්න කියා . ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් දක්වා එහි කටයුතු කර එහි අවසන් කෙටුම්පත කෘෂිකර්ම ලේකම්වරයා හරහා ඇමතිවරයාට ලබාදී තිබෙනවා .
එම කමිටුවේ කටයුතු ගිය මාසයෙන් ඉවරයි. මේ මාසයේ මා ඉවත් කරනවා ද නැද්ද කියා කියන එක ප්‍රශ්නයක් හැටියට මා දකිනවා. කමිටු සාමාජිකත්වයෙන් මා ඉවත් කළා කියා කිසිම ලිඛිත ලියවිල්ලක් මේ වනතුරුත් මා හට ලැබී නැහැ .
රජය ඉදිරිපත් කරන සංකල්ප කෙතරම් හොඳ වුවත් එම ප්‍රතිපත්ති කාරණා සම්බන්ධයෙන් අරමුණු ඉටුකර ගැනීමට යන මාර්ගය නිසියාකාර නොවේ නම් අපි විශ්ව විද්‍යාල කථිකාචාර්ය මහාචාර්යවරුන් හැටියට කට පියාගෙන හිටියොත් රට අගාදෙට යෑම වැළැක්විය නොහැකියි.
වර්තමානයේ කරගෙන යන ක්‍රියාපිළිවෙත්වල වැරදි අවදානම හොඳින් අවබෝධ කරගෙන තමයි ජනාධිපතිවරයාටත් අමාත්‍ය මණ්ඩලයට වගේම අනිකුත් ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඔවුන්ගේ යා යුතු නිවැරදි මග පිළිබඳව පෙන්වා දෙන්න අපි උත්සාහ කළේ.
COMMENTS
චීනාගේ ජරා පොහොර මාගේ මාතෘභූමිය පස් වලට දාලා රට තවත් විනාශ කරලා යහතින් ඉන්න නම් හිතන්න එපා ඕවට අනුබල දෙන අය
ඔබතුමාගේ ස්ථාවරය ඉතා නිවැරැදියි. දැනුම් සම්භාරයක් සහිත ඔබ වැනි ප්‍රවීනයින් තම ප්‍රවිනතාව ඔස්සේ නිවැරදි දේ පැහැදිලි කිරීම ඉතාමත් අගේ කොට සලකනවා. ඔබට ප්‍රණාමය... අවාසනාව නම් අපේ රටේ කඩේ යන "වියතුන් " කියලා කට්ටියකුත් ඉන්නවා...
මෙවන් උදාර විද්වතුන් ජාතියේ බුහුමන්ට ලක්වියයුතුයි. තමාට ලැබෙන මුදල් කන්දරාව හෝ පසුපසින් එන සුදු වෑන් ගැන නොතකා සිතට එකගව ක්‍රියා කරන්නන් තව තව බිහි වේවා යැයි පතමි.
අනේ මන්දා, දැන් කවුද දවල් හීන දකින්නේ.? අපිටනම් වැඩේ කචල්, කොයි පැත්තේද කියා හිතාගන්න බැරුවයි ඉන්නේ.
ඔබතුමා සරසවි සිසුන් දහස් ගණනකට විෂය කරුණු මැනවින් උගන්නපු විද්වතෙක් මේ මඩගොහොරු දේශපාලනයෙන් ඔබේ කීර්ති නාමය කෙළෙසන්න කාටවත් බෑ. රටේ අභිමානය ඔක්කොටෝම වඩා වටිනවා. අද නිවට දේශපාලඥයෝ රට පාවා දෙනවා.