(රොමේෂ් ධනුෂ්ක සිල්වා සහ ආරියරත්න රණබාහු)
පාර්ලිමේන්තුව විසුරුවා හැර,මහමැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන මොහොතක විරැකියා උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේ වැඩපිළිවෙල නිසා සියලු උපාධිධාරී තරුණ තරුණියන් අසරණ කර ඇතැයි ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පැවසීය.
කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව අනාවරණය කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.
‘‘ජනධිපතිවරණයට පෙර ඔවුන් කියා සිටියේ ජයග්‍රහණයට පසු මසක් ඇතුළත සියලු උපාධිධාරීනට රැකියා ලබාදෙනවා කියා. නමුත් තුන් වතාවත් මේ වන විට බොරු පොරොන්දු දී තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හරින බව දැන දැනම, ඒ වගේම ඕනෑම ළදරුවෙක් පවා දැනගෙන සිටින මහමැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන මොහොතක ලබා දෙන සියලු පත්වීම් මැතිවරණ කොමසාරිස් විසින් අත්හිටුවනවා කියා. ඒ බව දැන දැනම මෙවැනි පත්වීම් ලබාදීම මගින් සියලු අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන් අසරණ කර තිබෙනවා.
මම වගකීමෙන් කියනවා අපි ජාතික සමගි බලවේගය මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු සතියක් ඇතුලත සියලු උපාධිධාරීන් ට පත්වීම් ලබා දෙන බවත් ඉන් මාස තුනක් ඇතුළත ඒ රැකියාලාභී සියලු දෙනාගේ රාජ්‍ය සේවයේ රැකියා ස්ථීර කිරීමට පොරොන්දු වෙනවා.‘‘
(ඡායාරූප / වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව මෙහෙම අනාගනියි කියලා නම් මම හිතුවේ නැත. මම හිතුවේ පළමු මාස තුනේ සැබෑ වෙනසක් කෙසේවෙතත් වෙනසක් පැහැදිලි වෙයි කියලා. එක අතකින් මෙවැනි අඳබාල ඇමැති මණ්ඩලයකින් මෙයට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? උගතෙක් කියන්න එක අයෙකුවත් නැත..
සජිත් බුද්ධිමත් වැඩ කීයක් කරලා තිබෙනවද?
‘මේ ආණ්ඩුව උපාධිධාරීන් අසරණ කරලා‘ උස අයට සිකියුරිටි දීලා, කොට අයට කම්කරු දීපු මිනිස්සු තමයි මෙහෙම කතා කරන්නේ... ඔහෙලාට පුළුවන් වුණාද වැදගත් විදිහට කෙනෙකුට රැකියාවක් දෙන්න. තමන් ඉන්න තැනට මිනිසුන් ගෙන්වලා මිනිසුන්ව හිටවලා තියලා මාධ්‍ය සංදර්ශන තියලා රැකියා දීපු හැටි.. අපි දැක්කා. බලන්නකෝ මේ ආණ්ඩුව රැකියා ලාභියාගේ ගෞරවය තියලා අයැදුම්පත් කැඳවලා මිනිසුන්ගේ මුහුණවල් බලන්නේ නැතිව සුදුසුකම් බලලා රැකියාවල් දීපු හැටි. අපි 1967 රැකියාවලට ගියේ එහෙමයි.
කොහොම වුණත් රනිල් හිටියා නම් මේ වැඩ කරන්න සජිත්ට ඉඩදෙන්නේ නෑ.
එතකොට ඔබතුමාලගේ ආණ්ඩුව මුළු රටේම මිනිස්සු රැවැට්ටුවේ ෆ්‍රී වයිෆයි දෙනවා කියලා... ඒක කොහොමද?
මේ ආණ්ඩුව උපාධිදාරීන්ව අමතක කරානම්, අසරණ කරානම් හෝ වෙනයම් අවැඩක් කරානම් එම හරකුන් එයට නිසි ප්‍රතිඵල ලබා ගනියි. ඒ ගැන අමුතුවෙන් තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන්, බලාපොරොත්තුවෙන් ගිනි පත්තු කරන එක හරිද? හොඳයි කියන්නකෝ බලන්න ශ්‍රී ලාංකිකයින්ට හරි සාධාරණවද වැඩ කරේ කියලා..? කට ඇරලා කියන්නකෝ? තමුසෙගේ තාත්තා ඉතාම කෙටි කාලයකින් මැද කොළඹ හිවල්ලුන්ගේ ඡන්ද ගොඩ බලාගෙන මන්ත්‍රී ප්‍රතිශතය වැඩිකරලා දැන් මුළු ලංකාවම ඒ ගත්ත ගොන් තීරණය නිසා මේ මොහොතේත් විඳවනවා නේද? කට ඇරලා කියන්න බලන්න මේ අපි සඳහන් කරපු ඒ විස්තර හරිද වැරදිද කියලා... මේ නිකං බයිලා කියවන්න එපා... ලැජ්ජයි විපක්ෂ පට්ටියේ ලොක්ක වෙලා හිටිය නේද?
ටයර් මාලයක් වත් දාමුද?
මෙයා දේශපාලනේ දන්නෙත් නෑ. නායකයෙක් කියන්නේ කවුද දන්නෙත් නෑ.. රටක් පාලනය කරන්න තියා ගෙදරක තියාගන්න වටින්නෙත් නෑ.. කිලිගේ උපදෙස් අනුව වැඩ කරලා තමනුත් පක්ෂයත් දෙකම නැති කළා. හම්බන්තොටින් නාමල් පරද්දගන්න බැරි මිනිහා, කොහොමද රටක් පාලනය කරන්නේ?
මෙම සිද්ධිය පසුපස සිටින්නේ කවුරුද කියා දැන් හොඳටම පැහැදිලියි. සජිත් බොරදියේ මාළු බාන්නයි හදන්නේ...!
අපි දැක්කා ඔබ තුමාලා 2018-2019 උපාධි ධාරීන් භාහිර, අභියන්තර කියලා බෙදලා උබතුමාලගේ පාක්ෂිකයන්ට විතරක් රැකියා 5000 ක් විතරක් දුන්නා ඔබ තුමා එතකොට හිටියේ අඟහරු ලෝකෙද.?
සජිත් මහතාණනි, ඔබ පසු ගිය දවසක රැකියා විරහිත තරුණ තරුණියන් ඔබ වෙත කැදවා රැකියා ලබා දෙන වීඩියෝවක් අප නැරඹුවෙමු. එහිදී උපාධි ධාරීන්ට "උපාධි කාරයා" ලෙස ඇමතු ඔබට හිටි හැටියේ මේ උපාධිධාරීන් කෙරෙහි අනුකම්පාවක් ඇතිවීම පුදුම සහගතයි. එක අතකින් එය පුදුමයට කරුණකුත් නොවේ, මන්ද යත් අප රටේ සියලුම දේශපාලකයින්ට පොදු ජනතාව කෙරෙහි අනුකම්පා ඇතිවන්නේ, ඔවුන්ගේ ගැටළු ප්‍රශ්න සිහිවන්නේ කොටින්ම පොදු මහජනතාවක් සිටිනවා යැයි සිහිවන්නේ තමන්ට බලය නැතිවූ විට පමණක්ම නිසාවෙනි. ජනතාව තවමත් දේශපාලකයින්ගේ සුරංගනා කතා වලට සවන් දෙති. ඔබලාගේ ඔය කතාවල් ග්‍රන්ථාරූඩ කළහොත් "හාන්ස් ක්‍රිස්ටීන් ඇන්ඩර්සන්" ගේ සුරංගනා කතා පොත් වලට වැඩියෙන් අලෙවි වනු ඇත. බොහෝ ජනතාව තවමත් ඔබලාට සවන් දෙති. ඒ ඔවුන් දරිද්‍රතාවයෙන් ගිලෙමින් සිටින බැවිනි. එවන් අවස්ථාවක පිදුරු ගසක හෝ එල්ලීම ගිලෙන්නට යන මිනිසාගේ ස්වභාවයයි. නමුත් බොහොමයක් දෙනා ඔබලාගේ සැබෑ ස්වරුපය හදුනති. ඔබලාගේ නිරුවත ජනතාවට පෙන්වා ඉවරය. ඊට නිසි පිළිතුරු ඔබ සියලු දෙනාටම ලැබෙනු ඇත. ජනතාවගේ දුක් කදුළු සමග සෙල්ලම් කරනා කිසිදු දේශපාලකයෙකුට කිසිදා ගැලවීමක් නම් නැත.
ඔක්කොම එකයි.
කයිවාරු ගහන්න නම් හොඳයි, වෑඩ තමයි නෑත්තේ. පක්ෂ පාට බලන්නේ නැතිව මිනිස්සු තෝරලා ජොබ් දීලා තියෙන්නෙ. අන්න වෑඩ
සජිත් තුමෝ කොහොමත් උපාධිධාරීන් කියන්නේ රැකියා හිඟා කක යන්න ඕනේ කට්ටියක් නොවෙයි. ඔවුන් දැනගතයුතුයි තම සුදුසුකම් වලට ගැලපෙන දෙයක් කරන්න. එහෙම නැතිනම් සමාජයේ තිබෙන රැකියා අවස්ථාවලට ගැලපෙන දෙයක් ඉගෙන ගන්න. මහජන බදු මුදලින් ඉගෙන ගෙන ඔවුන් මතම බර පටවා පින් පඩි ගන්න කෙනා උපාධිධාරියෙක් වෙන්නේ කොහොමද?
පක්ෂයේ ලකුණ ගැන විකාර දොඩන නුඹලාට රටක් පාලනය නොවෙයි රටේ ජීවත් වීමටත් සුදුසු නැත. යහපාලන කාලයේ මුළු රටම විනාශ කළා නේද?
උපාධිධාරීන්ට දෙන්න තිබුණු රස්සා ඔක්කොම දේශපාලන හෙංචයියන්ට දීලා දැන් කටමැත දොඩවනවා.
ව්‍යාපෘති සහයක 7500 ට මොකද උනේ ? ඒවත් කියන්න.
ඔබේ සගයාවන මංගලට කිව්වා නම් කුරුඳු පොලුවලින් රැකියා දෙයි...
අදාල මාතෘකාව විතරක් කතා කරන්න කියන ඔබතුමා, ප්‍රශ්නවලට උත්තරයක් දීගන්න බැරිනම් රටක් පාලනය කරන්නේ කොහොමද ? රටේ සියලු ජනතාව මෙතුමාට හොද පිළිතුරක් ලබා දෙන්න ඕනේ ,ඔබ දිනන්න යන්නේ රටේ බහුතර සිංහල ජනතාවක් පාවා දීමෙන් ,මෙය රටේ සියලු සිංහලයන් වටහා ගැනීම වැදගත්.