(නිමන්ති රණසිංහ)
දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා අද මධ්‍යම රාතී‍්‍රයේ සිට පනවන අතර එම සංචරණ සීමා ලබන 25 වන අඟහරුවාදා අලූයම 4.00 දක්වා කි‍්‍රයාත්මක කෙරෙන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසේම, ලබන 25 වැනිදා රාති‍්‍ර 11.00 සිට 28 වැනිදා අලූයම 4.00 දක්වා යළිත් සංචරණ සීමා කි‍්‍රයාත්මක කෙරෙන බව ද යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.
කොවිඞ් වයිසර ව්‍යාප්තිය සීග‍්‍ර ලෙසින් වර්ධනය වෙමින් පවතින බවට තොරතුරු ලැබෙමින් පවතින නිසාත් වෙසක් සතිය නිමිත්තෙන් සිදුවන මහජන ඒකරාශීවීම් වැළැක්වීම සඳහාත් මෙම පියවර ගත් බව ඔහු පැවසීය.
සංචරණ සීමා ලිහිල් වන 25 වන අඟහරුවාදා අලූයම 4.00 සිට රාතී‍්‍ර 11.00 දක්වා ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව සාමාන්‍ය දෛනික කටයුතු සඳහා නිවසින් පිටතට යා හැකි බව ද සඳහන් වෙයි.
අත්‍යාවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනය සහ සේවා කටයුතු සදහා මෙම සංචරණ සීමා පැනවීම කිසිදු බාධාවක් නොවන බව ද හමුදාපතිවරයා පැවසීය.
මෙම සංචරණ සීමාවන් පැනවීමෙන් අපේක්ෂා කරන්නේ ජනතාවගේ ආරක්ෂාව බවත් ඒ හේතුවෙන් මෙම කාලසීමාවේදී තම නිවෙස්වලටම වී සිටීමට වග බලා ගන්නා ලෙසත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස හොඳයි පැහැදිලි මදියි...
ඔය සීමා දාලා ඕක නවත්වන්න බැහැ. හැදුණත්, මැරුණත් ඒ අය දිනුම්...