ජයන්ත සමරකෝන්
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඊළඟ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
කුරුණෑගල රෝහලේ ෂාෆි වෛද්‍යවරයාට වන්ධ්‍යකරණය සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවලට නිසි පියවරක් නොගැනීම නෙවිල් ප්‍රනාන්දු රෝහල නීත්‍යනුකූලව පවරා නොගෙන ඊට රජයේ මුදල් ගෙවීම ඇතුළු සෞඛ්‍ය කරුණු ගණනාවක් යටතේ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද (31) අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ පක්ෂ නායකයින් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව ගනු ලබන තීරණයෙන් පසුව මෙම දෙවැනි විශ්වාසභංගය ඉදිරිපත්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා, ජනතාවගෙන් බන්ගස්ථාන වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා... තවත් දෝෂාභියෝග ගෙනැවිත්, ඔබගේ වටිනා කාලය මෙවන් පව් කාරයින්ට ගත කරන්න එපා...
නියම වැඩක් කරන්නම ඕනෑ...
මේ ගොයියා දැන් "හිවලුන්ගෙන්, නරින්ගෙන් උදව් අරගෙන රට පාවාදීම " පිළිබඳ විෂයෙහි පශ්චාත් උපාධියත් ලබාගෙන තියෙන්නේ.. එබැවින් "නමට "ඉදිරියෙන් "දේශද්‍රෝහී" අරාජිත සඳහන් කරාට කිසිඳු වැරැද්දක් නොමැත. අමතක නොකරනු දේශද්‍රෝහීන්ට දඬුවම මරණයයි..
විමල් සහ ගම්මන්පිල වැඩිම විශ්වාසභංග ඉදිරිපත් කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට අවස්ථාවක්...! හුරේ
රවීන්ද්‍ර ඔයා මෙඩිකල් රැප්ද?
ඔබට අමතක වෙලාද නෙවිල් ප්‍රනාන්දු රෝහලට සහ හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලයටත් නීත්‍යනුකූලව අනුමැතිය දුන්නේත් ඔබලාම කියා බව.
විශ්වාස භංග කීයක් ගෙනාවද ..? ඒවට මොකද වුනේ මේවා නිකන් දේශපාලන විහිලු මිනිස්සු රවටන..!!!
දැන් විපක්ෂයට ඉතින් විශ්වාස භංගයම තමා, කීයක් ගෙනාවද, ඔක්කොම පරාදයි, එ්ත් ලැජ්ජාවක් නෑ. අඩු මිලට බෙහෙත් ගන්න අය, නොමිලේ දුන් කාචවලින් ලෝකේ දිහා බලන අය රාජිතට ඉන්නවා. බයවෙන්න එපා.
මේවා කරලා වැඩක් නෑ.මොන චෝදනා දැම්මත් කෝටි ගණන් වලට ඡන්ද විකිණෙනවා. ජනතාවට සෙතක් වෙන්නේ නෑ.
මේ රජය ජනතාවගෙන් දැනටම ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. ඒ වගේම රිෂාර්ඩ්ව රාජිතව මුළු මහත් ශ්‍රී ලාංකීය සමාජයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ එහෙම තියෙද්දිත් ඔවුන් විශ්වාස භංගය දිනනවා නම්, ඒකෙන් තේරෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් රටේ ජනතා මතය නියෝජනය නොකරන බව. එහෙනම්, ඊලග ඡන්දෙදිවත් අපේ මතය , ජනතාවගේ මතය නියෝජනය කරන්න කෙලින් නායකයන් විතරක් පාර්ලිමේන්තු යවන්න.
විශ්වාසභංගය තිබුනත්, නැතත් ඊළඟ මැතිවරණ ප්‍රතිඵලවලින් 225ම පරදිනවා.
ඒකාබද්ධය ගෙනාපු කිසිම භංගයක් සාර්ථක වුනේ නැහැ. හේතුව ඔවුන්ට බහුතරය නොමැතිකම.
රටින් පිටුවහල්කරන යෝජනාවක් අවශ්‍යයි.
කොහොම හරි අනුර කුමාර ඒ විශ්වාසබංගෙත් ආණ්ඩුවට ගොඩ දම්මලා දෙනවා.
පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්ද විමසීම් දැන් වලංගු නෑ. දැන් ඉන්නේ ජනතාවගේ විශ්වාසය කඩ කළ බහුතරයක් සහිත ආණ්ඩුවක්. දෙසැම්බර්වල බලාගන්න පුලුවන් වෙයි.