(ඩයනා උදයංගනී)
මී ළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා බැසිල් රාජපක්‍ෂ මහතාට සම්පූර්ණ සුදුසුකම් ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (12) පැවසීය.
නමුත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශයක් කර නොමැති නිසා මී ළඟ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් දැන්ම කතා කළ යුතු නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේදී අද (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මී ළඟ ජනාධිපතිවරණයට තරඟ කරන්නේ කවුරුන්ද යන්න දැන්ම නිශ්චිතව කිව නොහැකි නමුත් බැසිල් රාජපක්‍ෂ මහතාට ඒ සඳහා සුදුසුකම් ඇතැයි ද ඇමති ගාමිණී ලොකුගේ මහතා කීවේය.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව හෝ 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වනු ඇතැයි කිසිවෙක් නොසිතූ බව කී ඇමතිවරයා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද දැන්ම අනාවැකි කීම අවශ්‍ය නැතැයි පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි ශක්තිමත් දේශපාලන සන්ධානයක් ලෙස කටයුතු කරන බව කී ගාමිණී ලොකුගේ මහතා එහි වැඩි ගෞරවය බැසිල් රාජපක්‍ෂ මහතාට හිමිවිය යුතු බව ද කීවේය.
COMMENTS
නැත්නම් ඉතින් හුඟ දෙනෙකුට පැවැත්මකුත් නැහැනේ...
රාජපක්ෂ පරපුරේ අවසාන ජාතික තලයේ නායකයා වත්මන් ජනපති පමණයි. එතැනින් එහාට ජාතික තලයේ නායකයෙක් එම පරපුරේ නොමැත. මෙරට පරිසර පද්ධතිය විනාශ කිරීමට හා මේ රට ආර්ථික හා පාරිසරික වශයෙන් කාන්තාරයක් බවට පත් කිරීමට ජනතා වරමින් මේ තාක් මේ රටේ පත්කළ ආණ්ඩු සහ ටිපිකල් දේශපාලන මාෆියාව මේ රටින් අතුගා දැමිය යුතුයි. මීළඟ නායකයා විය යුත්තේ මේ රටේ පය ගසා මේ රට ගැන අමුවෙන්ම දන්නා බුද්ධිමතෙක් විනා මේ වනවිට ක්‍රියාකාරී දේශපාලනයේ පසුවන කිසිදු පක්‍ෂයක් හෝ එවැනි පක්‍ෂවල කිසිවකුත් නොවන බව ඉතා පැහැදිළියි.
මී ළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා බැසිල් රාජපක්‍ෂ මහතාට සම්පූර්ණ සුදුසුකම් තියන හින්දා ඔහු දිනනවා. කවුරු මොනවා කිව්වත් ඔහු තමයි අනාගත ජනාධිපති.. ඔය විමල්ලා කෑගහන්නේ බොරුවට. පස්සේ ඒ අයත් බැසිල්ට එකතු වෙනවා. විමල් කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා...
අපිත් මේ බලාගෙන ඉන්නේ 10% මල්වානේ ඇමෙරිකන්කාරයා ඡන්දෙ ඉල්ලනකම්. මේ පාර පසුගිය කාලේ කරපු සෙල්ලම් කරන්න අපි දෙන්නේ නැහැ. මැදමූලන කට්ටියම පරාද කරනවා. ගිය සැරේ අයියා පැරදුණු දාම රෑ වටිනා මැණික් ගල් වගයකුත් අරගෙන හොන්කොන් වලට පැනලා ගියා වගේ මේ පාර පැරදිලා පනින්න දෙන්නෙත් නැහැ. අපි මේ රටේදීම ගනුදෙනු බේරාගමු...
නැවත රාජපක්ෂවරු දිනන්නේ නැත.
10%, 5% වෙනවානම් කමක් නැහැ.
මී ළඟ එක්කෙනා ආචාර්ය උපාධියක් තියෙන එක්කෙනෙක් පමණක්ම විය යුතුයි.
එයාට තියෙන සුදුසුකම් කෙසේ වෙතත් මොලේ තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා තියෙන නුසුදුසුකම් වල තරම... පවුල් පාලනේ අයම මිසක් මේ රටේ වෙන සුදුසුකම් ඇති අය ඇත්තේම නැද්ද? දූෂිත දේශපාලුවන්ටත් පවුල් පාලනේ උදවිය නැතුව පැවැත්මක් කොහෙන්ද?
ඒකත් හොඳයි.. පවුලේ ඔක්කොමලා.. ජනාධිපති වෙන එක.
මේ පවුල්වාදය මෙතැනින් අවසන් විය යුතුයි. ආයෙත් නම් එපා. රාජපක්ෂලා නම් එපා.
මේ පවුල් පාලනය අවසන් කරමු. රට ගැන හිතන නායකයෙක් දෙමළෙක් වුවද කම් නැත පත්කරගනිමු. මේ පවුල් පාලනයෙන් මිදෙමු...
ඔව් ඔව්... අපිට ඕන. කවුරු හරි රාජපක්ෂ කෙනෙක්. රාජපක්ෂ කෙනෙක් නැති වුණොත් ඒ ගෙදර බල්ලා වුණත් කමක් නැහැ.. අපි තරමට රාජපක්ෂලාට වහල් වැඩ කරනවා.
ගාමිණී ලොකුගේ යනු 1977-1989 සහ1989-1994 යූ.එන්.පී පාලන කාලයේ ඇමතිවරයෙකි. එම යුගයේ මේ රටේ තිබූ අති මිලේච්ඡ බිහිසුණු පාලනයේ කොටස් කරුවෙකි. මොහු අද සුදනෙකු සේ රාජපක්ෂවරු යටතේ ඇමතිකම් කිරීම ලැජ්ජා සහගතයි. නුසුදුසුයි. රාජපක්ෂවරුන්ට ලැජ්ජාවක් නැත. මොහු තව වසර කීපයකින් මිය යනු ඇත. එසේ වුවද අපේ රට මෙම පවුල් පාලනයට යටත් කර සදාකල් අඳුරේ තැබීමට යෝජනා කිරීමට මොහුට අයිතියක් නැත. චීනයේ ඛාන්, ඉන්දියාවේ මෝගල් ලංකාවේ රාජපක්ෂ පවුල් පාලන ඉදිරියට ඇතිවීමට ඉඩ නොදෙමු.
හරි ලොකුගේ මහත්තයෝ... ඔයාලා කියන විදියට අපි ඉන්නම්... ඔයාලා සතුටින් ඉන්නකෝ...!!!
මොන සුදුසු කමක්ද? රතුපස්වල වතුර ඉල්ලපු අයට මොකද වුණේ? මුහුණ දකින එකත් හරිම පිළිකුල්...
ආයෙත් නම් ඒ ගොල්ලෝ ගේනවා බොරු... කොහේද ඔය ලොකුගේ තියෙන්නේ..? මල්වානෙද? අන්න මෙයාගේ අයියගේ සීනිගෝනි වලට ගුල්ලෝ ගහලලු.. ලංකාවේ මිනිස්සු ගොනාට අන්දවලා ඉවරයි. මේ අන්තිම සැරේ කියලා හිතාගන්න.
අයියා, මලෝ බෙදාගෙන ඉවර වුණාම ලොකුපුතාටද උරුම වෙන්නේ? මෙතන තියෙන අදහස් දැක්වීම් වලින් නම් පෙනෙන්නේ මේ පවුල දැන් සාමාන්‍ය ජනතාව අතරේ ඔය කියන තරම් ජනප්‍රිය නැහැ කියලයි. සුනාමි, සිරිලිය, මල්වාන, මැණික් මල්ල, දැන් සීනි. මේවා හැමදාම යට.. ගහ ගහ ඉන්න නම් බැරිවෙයි...
ඒ කියන්නේ මෙච්චර කාලයක් කට කතාවක් ලෙසට තිබුණු ආරංචිය ඇත්තක් එහෙනම්. අවුරුද්දයි අල්ලාගෙන හිටියේ දැනටම එපාවෙලා...
ඊළඟ ජනපති තමයි රංජන් රාමනායක...
කියන කෙනා දැන්වත් විශ්‍රාම ගියොත් රටට සෙතක් වේවි...
අපරාදෙ රටට ගිය කලක්.බැසිල් ආවනම් රට සව්සිරියෙන් ඉතිරෙනව.දැන් වුනත් කම්ක් පුලුවන්නම් සහෝදරයා ගෙදර යවල බැසිල්ට ජනාධිපතිකම දෙනවනම් රටේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි.
රටේ යම් දෙයක් ඉතුරුවෙලා ඇත්නම් ඒ ටික කාබාසිනියා කරලා දාන්න හොඳම කෙනා මෙයා තමයි. මොකද රාජපක්ෂ පවුලේ අයට පුළුවන් කාබාසිනියා කරන එකම පමණක් නිසා..
මේ රට හදන්න බැරි මේ වගේ හැට පැනපු මිනිස්සු සහ මේ අයට ඡන්දෙ දෙන මෝඩ ඡන්ද දායකයන් නිසා.. ගෝඨාභයට බැරි වුණා කියන්නේ මේ ඉන්න සෙට් එක පාලනය කරන්න ආයේ ඉතින් කාටවත් බෑ.. මේ තියන සිස්ටම් එක ඇතුලේ නම්... මේ රටේ තියන පක්ෂ එකක්වත් රටට වැඩක් නෑ කියන එක ඔප්පු වෙලා ඉවරයි. බෝඩ් එක මාරු වුණාට ඇතුල එකයි.
මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ කිසිම ප්‍රධාන පක්ෂයක පුද්ගලයෙක් නොවේ. ඔහු තනිකරම ස්වාධීන උගතෙක්, බුද්ධිමතෙක් විය යුතුමයි. ඒ වගේම මහ මැතිවරණයට අලුත්ම උගත්, බුද්ධිමත් පිරිසක් විය යුතුයි.
අද ජනාධිපතිවරණයක් තිබ්බොත්.. හෙට ඉඳලා ඔය සෙල්ලම් ඔක්කොම ඉවරයි.
බලය නැතුවත් කෑවා නම් බලය ලැබුණාම කොහොම වෙයිද? මේ කෑම සාමාන්‍ය ජනයාට දැනෙන්නේ කන බොන, යන එන හැමදේම ගණන් කියලා තමයි.
ඔව්, ඉතිරි ටිකත් කාබාසිනියා කරයි. රාජපක්ෂවරුන් අවශ්‍යම නැත.
එවන්න එවන්න...! අපි මේ දෙන්න බලාගෙන ඉන්නේ..
බැසිල් කියන්නේ විශාල චෝදනා තියෙන, උසාවියේ නඩු තියෙන කෙනෙක්. දියුණු රටක නම් රාජ්‍ය සේවයට තියා පාර්ලිමේන්තුවක කුස්සියටවත් ගන්නේ නෑ. ඒත් මේ අසමත් මිනිස්සු පාලනය කරන රටක්. ඒක ලොකුගේ වගේ මිනිස්සු දන්නවා.1980 ගණන් වල වැඩ වර්ජනයේදී මිනිස්සුන්ගේ අත පය කඩපු, සරච්චන්ද්‍ර වගේ මිනිස්සුන්ට කාණු පල්ලේ දාගෙන ගහපු අය ගැන මොන කතාද තවත්...?
වළපයයි, ගොඩපයයි ඉන්න අයට කාගේ හරි ඇඟේ එල්ලිලා ගියේ නැතිනම් යන එන මන් නැහැ.
ඔය හොරු ටික තමයි පොදුජන පෙරමුණ කන්නේ. මේ අයට ඕනේකම තියෙන්නේ මුදල් පෙට්ටියට අත ගහගන්න. රාජපක්ෂ පවුලේ බෙදීම් ඇති කරන්නේ මේ වගේ අයයි.
ඔය වගේ අය එජාපයේ හිටපු දැන් පොදු ජන පෙරමුණට පැනගෙන ඉන්න චරපුරුෂයෝ. ඔවුන් කවුරුවත් විශ්වාස නොකළ යුතුය. ඔවුන් තමයි අපේ රට කන්නේ...
ගෝඨාගෙන් පස්සේ රාජපක්ෂලා අවසන්. මේ වෙනුවෙන් මුලු රටම පෙළගැසිලා අවසන්. පවුල් වාදයෙන් සහ වහල් භාවයෙන් මිදෙන සියලුම දෙනාගේ මොලේ පෑදේවා.
වළපයයි, ගොඩපයයි තියාගෙන ඉන්න අයගේ කතා ගණන් ගන්න එපා.
අවුරුද්දයි යාන්තමට ගෙවුනේ... එක්කෙනෙකුට රස්සාව තිත්තවෙලා වගෙයි පෙනෙන්නේ... දැන්නම් ගමන් බලපත්‍රය අවලංගු කළා කියලා විශ්වාස කරන්නත් අමාරුයි.
අවුරුද්දකින් ඒ මිනිහත් එපා වුණා වගෙයි, ගෙම්බන්ට අගෞරව නොවන විදියට මේ මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්න සුදුසු වචනයක් සිංහල භාෂාවේ නැහැ නොවැ...
ආපෝ.. නියම පොරක්...!!! නියම පොරක්වනේ යෝජනා කරන්නේ. අයියා ජනාධිපති කාලේ නුවර පාරේ බත් කඩේට කරපු වැඩේ මිනිස්සුන්ට අමතක නැහැ. මිනිහා හීන මවනවා ඇති....
ඇයිද දන්නේ නැහැ ඔක්කොමලා මෙයාට බනින්නේ? මෙයත් හොඳ සිංහල බෞද්ධ කෙනෙක් තමයි. නන්දසේන වගේමයි.