(නිමල කොඩිතුවක්කු)
මහා සංඝරත්නය සම්බන්ධයෙන් කිසිඳු විවේචනයක් සිදු නොකරන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ට අවවාද කළ බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
මහා සංඝරත්නය සම්බන්ධයෙන් තමන් කිසිඳු විවේචනයක් සිදු නොකළ බවත් ඕනෑම අවස්ථාවක මහා සංඝ රත්නයට වැද නමස්කාර කිරීමට තමන් සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මහා සංඝරත්නය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයක් ඔස්සේ රන්ජන් රාමනායක මහතා මෑතකදී කළ ප‍්‍රකාශය පිළිබඳ කරුණු දක්වන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ දැනුම්දීමකට අනුව අද (17) පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍යවරයා හමුවේ පෙනි සිටීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී පස්වරු 3.00 සිට පැය එකහමාරකට ආසන්න කාලයක් රන්ජන් රාමනායක මහතා විසින් තමන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරනු ලැබීය.
තමන් මහා සංඝරත්නය විෂයෙහි අපහාසායක් හෝ නින්දාවක් සිදුවන ආකාරයේ කිසිදු ප‍්‍රකාශයක් සිදුකර නොමැති බවත් තමන් සෑම අවස්ථාවකම මහා සංඝරත්නයට ගෞරව කරන බවත් එහිදී ප‍්‍රකාශ කළ බව රන්ජන් රාමනායක මහතා පැවැසීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වු රන්ජන් රාමනායක මහතා තවදුරටත් මෙසේද කීය.
‘‘මහා සංඝරත්නයෙන් සමාව ගන්න මම වරදක් කරලා නැහැ. අපචාර කරන චිවරධාරීන්ට නම් මට වඳින්න බැහැ. ඇතැම් චීවරධාරින් සම්බන්ධයෙන් මට ලැබුණු පැමිණිලි පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් අග‍්‍රාමාත්‍යවරයාට පෙන්නුම් කළා. ඒ සියලු තොරතුරු මා සතුව තිබෙනවා.
මේ ප‍්‍රකාශය ගැන සමාව ගන්න කියලා මට කවුරුත් තාම කියලා නැහැ. ත්‍රෛනිකායක මහා නායක හිමියන් වගේ සිල්වත් මහා සංඝරත්නය මට කිව්වොත් රන්ජන් මේ කරපු ප‍්‍රකාශයට සමාව ගන්න කියලා මම උන්වහන්සේලාගෙන් සමාව ගන්න සූදානම්.
එහෙම නැතුව මැරයො වගේ කටයුතු කරන චීවරධාරීන්ගෙන් මට සමාව ගන්න බැහැ. මේ අය බෞද්ධ භික්ෂූන් වහන්සේලා නෙමෙයි මේ අය හැසිරෙන්නේ අයි. ආර්. සී කාරයෝ වගෙයි‘‘ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා එහිදි පැවැසීය.

COMMENTS
බඩුත් හාමුගේ, නඩුත් හාමුගේ, ඉතිරි ඒවත් හාමුගේ...
"පුතේ මේ උඹ ආයෙත් කුණුහරුප කියලා අහුඋනොත් කට තලනවා දැනගනින්, දැන් ගිහින් හොඳ ළමය වගේ අර බෙදල තියන බත්ටික කාල හෙට තියෙන ඉස්කෝලේ වැඩ ටික බලාගනින්, මේ කොල්ලගේ වැඩ හින්ද මාත් බැනුම් අහනවා."
ඔව් .. එක ඇත්ත .. විවේචනය කර කර ඉන්නවට වඩා හොඳයි ..
වෙනත් ආගම්වල ඕනෑතරම් මෙවැනි දේවල් වෙලා නඩුත් වැටිලා තියෙනවා. ඒත් අල්පොන්සෝ රන්ජන් එක ආගමකට පහර දෙන්න මෙය යොදාගත් බවයි පේන්නේ. සිල්වත් භික්ෂූන්ට මෙය නින්දාවක්... ශාසනේට ගරහන්න මේවගේ කට්ටිය මේ ආණ්ඩුවේ ඕනෑතරම් ඉන්නවා. ඔවුන්ට පිස්සු. තමන්ගේ වැරදි පේන්නේ නැහැ.
ඈ බොල හාමුදුරුවරුන්ට අපහාස නොකර ඉන්නේ මහ උන්දෑ එපා කියන නිසාද? නුඹ අන්‍ය ආගමිකයෙක්.. එමනිසා නුඹ හාමුදුරුවරුන්ට වඳින්න වුවමනා නැත. නුඹගේ ආගමේ වැඩක් බලාගෙන ඉන්න එක නුවණට හුරුයි නේද? දේශපාලන චන්ඩියෙක් වෙන්න හදන්න එපා. එහෙම වෙන්න ගිය අය දැන් පස්ස බිම ඇනී ඉන්නවා...
අගමැති බුද්ධශාසනයට ආදරෙයි කියලා පන්සලට ගිහින් කියලා තිබුණා. ඔච්චර ආදරේ නම් රංජන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න. මන්ත්‍රී පදවියෙන් අයින් කරන්න. මනාපවලින් ඊළඟට ඉන්න කෙනාට පාර්ලිමේන්තුවට එන්න ඉඩ සලසන්න.
හලෝ, සිල්වත් හාමුදුරුවරු ගැන හොයන්නේ අවංක දේශපාලකයන් ගැන හොයනවකෝ... හාමුදුරුවරු ඔය කියන විදිහට සිල්වත් වුනොත් ඔහෙලා හාමුදුරුවරුන්ගේ කරපිටින් යාවි. ඔය කියන සිල්වත් හාමුදුරුවරුන්ගෙන් රට වුණු සේවය මොකක්ද කියන්න බලන්න. ඔහේගේ ඔය කියමනට විරුද්ධව ඔය කියන සිල්වත් හාමුදුරුවරු කතාකළාද? රට ජාතිය ආගම වෙනුවෙන් කතා කොරන්නේ සිල්වත් කියා ඔබකියන හාමුදුරුවරු නොවෙයි. අපේ රටට ඇවිත් අන්‍ය ආගමිකයින් මරාදැමිය යුතුයි කියන එවුන් සිටින රටක සිල්වත් හාමුදුරුවරුන්ට කළහැක්කේ කුමක්ද?
ගරු අමතිතුමෙනි, මහා සංඝරත්නය හා චීවරධාරිය වෙන්කර හඳුනාගන්නේ කොහොමද? සීලය, රකින { කය, වචනය } සංවරය ඇත්තෝ හොයන්නේ කොහොමද? ගරු ඇමතිතුමනි, බුදුදහමේ පෙන්වාදෙන "කර්මය, කර්මඵලය " හඳුනාගෙන නිහඩවෙමු. මම, සන්ඝයාවහන්සේනමක් ද . චීවරධාරියෙක් ද තීරණය කිරීම උන්වහන්සේලා හෝ එම චීවාධාරියෝ තෙරුම්ගනීවී ඔබතුමාට තෙරුවන් සරනයි.
මේ කිරි සප්පයාගේ කටට සූප්පුවක් දෙන්න, එහෙම නැත්නම් කටකලියාවක් දාන්න.
ඔයා ගරු කරන්න ඕනෑ නැහැ. ඔයාලා වගේ අයට හරියන්නේ වැලිහේන සෙට් එක තමා. අපිත් වැලිහෙනේ ලොක්කෝ... අපිත් දෙන්නම් පැටිකිරිය අැට්ටි හැලෙන්න...
එ්කේ ඇති වරදකුත් නැහැ.. හොරණ පැත්තේ පන්සලක සාමනේර හිමිනමකට සිදුවූ අකටයුත්තක් හේතුවෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සියලු දෙනා ඒ ලොකු හාමුදුරුවන්ව පන්නා දැමුවා. ඒ වගේ දේවල් ලංකාවේ සිද්ද වෙනවා.. පැවිදි පාර්ශවය ඒවා ගැන දැනගත යුතුයි.
වෙන ආගමික නායකයින්ට ඔය නීති නැහැ. කෝකටත් කට පරිස්සන් කරගෙන ඉන්න.
මේ වගේ දේශපාලන "ෂෝ " කාරයින්ට මාද්‍ය මගින් අනවශ්‍ය ප්‍රචාර දෙන්න නරකයි' මෙයා ගේ අතීත ක්‍රියාකාරකම් දිහා බලන්න හැමදාම කරන්නේ රඟ දැක්වීම් කලක් විධාගත ස්ත්‍රී ශ්‍රමිකයෝ, ඊළඟට, විල්පත්තු සංදර්ශන, ඊ ළඟට පාර්ලිමේන්තුවේ කුඩු ගහන අය, දැන් මේක ළඟදීම බලාපොරොත්තුවන්න. ඊළඟ එක මුන්නැහේ කතෝලික හින්දා ධම්ම පදය කියවලා නැතුව ඇති.. එ්කේ එක ගාථාවක සරල සිංහල තේරුම මේකයි. සමහර ගොන්නු ඉන්නවා ශරීරය සහ මස් විතරයි... කනවා බොනවා ඇඟ හැදෙනවා. හැබැයි සංඝරත්නය ගැනවත්, ධර්මය ගැන අවබෝධයක් වත් නැහැ...
රන්ජන්ගේ කතාව හරි... හැමෝම බලාගෙන ඉන්නේ වැරදි කළා කියලා කියන අය විවේචනය කරන්න. වැරැද්ද පෙන්නන්න ඉදිරිපත් වෙන අය අඩුයි.
රන්ජන් කෙලින් කතා කරනවා, ඇත්ත කියනවා, පොඩි මිනිහට පුළුවන් විදියට උදවු කරනවා, කොමිස් ගහන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ. (එතකොට මේ සිස්ටම් එකේ හැටියට රන්ජන් කියන්නේ අවුල් පොරක්) මේ දේශපාලන මඩ ගොඩේ එරිලා ඉන්න අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට රන්ජන් කියන්නේ 'මෝඩයෙක්'. හැබැයි මේ සිස්ටම් එක ප්‍රතික්ෂේප කරන බුද්ධියක් තියෙන අයට රන්ජන් කියන්නේ උඩුගන් බලා පීනන්න උත්සහ කරන එඩිතර වීරයෙක්. ඒක කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි.
Mr.Yantath, ඔය කතාව, පන්සල් වලටත් හරියටම හරි. කඳයි, බඩයි විතරයි. මගේ රටට නම් උන්දැලා කරපු දෙයක් නැහැ. අනික බුද්ධ දර්ශනයක් මිසක් ආගමක් නැහැ.. ඒක නොදන්නා ඔබලා වැනි අය ගැන අපට ඇත්තේ ලොකු දුකකි.
අගමැතිවරයාගේ අවස්ථාවාදි දේශපාලනය සහ රාමනායක ඇමැතිවරයාගේ විවෘත බවයි අතර වෙනස මෙයයි. අගමැතිවරයා කළ යුතුව තිබුනේ රාමනායක ඇමතිවරයා කි දේ සොයා බලා සත්‍ය හෙලි කරමින් එක දරුවෙකු හෝ අපචාර වලින් බේරා ගැනීමයි.
රන්ජන් රාමනායක ඕක කිව්වත්...නොකිව්වත් , මුළු ලංකාවම දන්නා දෙයක් !!! බොරු මහන්තත්තකමට මේ දේවල් ගැන කතා නොකර... බොරු බෞද්ධ කමකින් උන්මාදවෙලා බලාගෙන හිටියොත්.. බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබුණු ඒ.. පවිත්‍ර බුද්ධ ධර්මය අපේ ඇස් ඉදිරියේම... මේ අය විසින් විනාශ කරලා දමාවි !!!
රන්ජා කියන කතාවේ තේරුමක් තියනවා. කිරිසප්පයෝ මහණ කරනවා. මොවුන්, එ්ක හරි වැරදි, වෙන ආගම්වල එහෙම කරන්නේ නැහැ. ක්‍රිස්තියානි ආගමේ කොහොමද කරන්නේ කියලා දන්න කෙනෙක්ගෙන් අහගන්න. මට එ්ක තේරුම් කරන්න වෙලා නැහැ.
එතකොට ඒ නාට්‍ය පිටපතත් එතැනින් අවසන්.... රනිල් මහතා හොඳ මනුස්සයා දැන්... හැබැයි රන්ජන් උන්නැහේ, ශීලයට නිගරු කිරීමේ පාපය ඔබ පසුපසයි. කර්මය සමඟ බොරු බෑ.
රන්ජන් කියන කතාව සීයට සීයක් හරි. ඕක රටේ ප්‍රසිද්ධ රහසක්. දෙමව්පිය හව්හරනෙන් මිදුණු හය හතර නොතේරෙන දරුවන් ඔය බලපෑම් වලින් කෙසේ ගැලවෙන්නද.
ඔහු කියන එකේ යම් ඇත්තක් තියෙනවා. නමුත් ඕක හැම ආගමකම රටේ විතරක් නෙවේ... ලෝකෙත් සුලු වශයෙන් වෙන දේවල්. නුමුත් මේවා නීතියෙන් විසඳන්න ඕන කාරණා.... නිකන් සල්ලි පෙරේතකමේ අම්මා වුණත් විකුණන් කන යූ ටියුබ් කාරයන් එක්ක කියව කියවෙ ඉන්න ඕන දේවල් නොවේ. මොහු කිව්ව එකෙත් යම් විකෘති කිරීමක් කරලා රටම ගිනි තියන්න හදන අර මානසික පිස්සන්ගේ චැනල් වහාම තහනම් කළයුතුයි. ඔවුන්ට ඕනෑ මුදල් මිසක් රටට වැදගත් දෙයක් කිරීම නොවේ...
"යම් කිසි කෙනෙක් මරණයට භාජනය නොවූ ගෙදරකින් අබ මිටක් සොයාගත්තත්... අතවරයකට ලක් නොවූ සාමනේරයන් වහන්සේ නමක් නැවත උපසම්පදාව ලද හිමිනමක් සොයා ගැනීමට නොහැකිබව ඉතාමත් කණගාටුවෙන් පහදා දෙන්නෙමු ..!!!"
රවී ඔබ හරියටම හරි. නමුත් අපේ රටේ ඉන්න මිනිස්සු ඒක පිලිගන්න කැමතිත් නැහැ