IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මහ වැස්සෙන් රටපුරා 1,30,000ක් පීඩාවට

(ඩයනා උදයංගනී)

දින දෙකක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇති වූ ජල ගැලීම්, ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පාසල් සිසුවියක මියගොස් ඇති අතර දිවයිනේ දිස්ත්‍රික්ක පහකට අයත් පවුල් 31,303කට අයත් 1,30,672කට වැඩි  විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාව මෙයින් පීඩාවට පත්ව ඇති අතර පීඩාවට පත් පවුල් 1,119 කට අයත් 5,607 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 27 ක රැඳී සිටින බව ද එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (පූර්ව දැනුම්දීම්) ප්‍රදීප් කොඩිප්පිලි  මහතා කියයි

තවත් පවුල් 200 කට අයත් 792 දෙනෙක් ඥාති නිවෙස්වල රැඳී සිටින බව ද ඔහු සඳහන් කරයි.

රත්නපුර, අයගම දුම්බර ග්‍රාම සේවා වසමට අයත් මැදපොල ප්‍රදේශයේ කන්දක් අද (4) නාය යාම හේතුවෙන් ඊට යට වී වයස අවුරුදු 16 ක සිසුවියක් මියගොස් ඇති අතර තවත් පුද්ගලයකු අතුරුදන් වී ඇත.

මින් වැඩිම පීඩාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක පවුල් 23,455 කට අයත් 98,052 දෙනෙක් පීඩාවට පත්ව සිටින අතර ඉන් 751 කට අයත් 3551 දෙනෙක් ආරක්ෂිත ස්ථානවලත්, පවුල් 17කට අයත් 66 දෙනෙක් ඥාති නිවෙස්වලත් රැඳී සිටිති.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අටක පවුල් 6,608කට අයත් 28,240ක් පීඩාවට පත්ව සිටින අතර ඉන් පවුල් 353කට අයත් 1,469 දෙනෙක් ආරක්ෂිත ස්ථානවල රඳවනු ලැබ සිටිති.

මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 915කට අයත් 3,137 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 322 කට අයත් 1,242 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් තුනකට අයත් අට දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදා තත්වය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල නිවාස 5ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 317කට අර්ධ හානි සිදුව ඇත.

 



අදහස් (2)

මහ වැස්සෙන් රටපුරා 1,30,000ක් පීඩාවට

kapila Friday, 04 June 2021 01:56 PM

ඇයි අප්පා මේ රටට ස්වභාව ධර්මයෙන්වත් අනුකම්පාවක් නැත්තේ?

:       0       4

Sri Lanka Friday, 04 June 2021 04:02 PM

ඕකත් කොරෝනා ගොඩට දායිද දන්නේ නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 60 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1013 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site