
(චමිල් රූපසිංහ)
පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ ඇති මහා වංශයේ සියලු කොටස් කිසිදු අඩුවකින් තොරව අන්තර්ගතව තිබෙන පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට පැමිණි යුනෙස්කෝ සංවිධාන නියෝජිතයින් ඒ පිළිබඳ සෑහිමකට පත්ව මහා වංශය පුස්කොළ පොත යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම්කර කිරීමට තීරණය කර තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පොත් එකතුවට වසර 100 ක් පිරීම නිමිත්තෙන් අද (23) විශ්වවිද්‍යාල පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී උපකුලපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මහා වංශය පුස්කොළ පොත යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක එහිදි සදහන් කළේය.
මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහචාර්ය පරාක්‍රම කරුණාරත්න,පුස්තකාලාධිපති ආර්.මහේෂ්වරන් යන මහත්වරුන් ද සහභාගී වූහ.
COMMENTS
අපේ දේවල් මොන එහෙකටද ලෝක උරුම කරන්නේ..? ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව මේවා කරන්නේ නැහැ. මේක තවත් හීන මානයක්. අපේ දේවල් අපි ආරක්ෂා කරගන්නේ නැතිව ලෝක උරුම කියන තවත් මිථ්‍යාවක පැටලෙනවා.
මෙම මහාවංශ කොපිය මොන සියවසට අයත්දැයි සඳහනක් නොමැත. දන්නේ නම් ඒක දාන්න. කාටත් වැදගත් වෙයි. ස්තුතියි..!!!
රටේ තියෙන තව ‘‘වංශයක්‘‘ ජාතික කරුමයක් වෙලා තියෙන්නේ.
අන්තිමේ මුල්පිටපත සංරක්ෂණයට කියලා එහාටම අරන් යයිද?
ලෝකයට දීලා උඩ බලාගෙන ඉඳිමු.. දැන් අපිට අයිති නැත.
දැන්වත් බොදු ඉතිහාසය විකෘති කර දේශනා පවත්වන ද්‍රෝහීන්ට එරෙහිව 'ලෝක උරුමයන් විනාශ කිරීම ' යටතේ වත් දඬුවම් දීමට හැකියාව ඇතිකර ගත යුතුයි. නැතිනම් බොදුනුවෝ දෙකඩ වන කාලය ඈත නොවේ.