IMG-LOGO

මහ රෑ වීථි සැරූ අපේ ක්‍රීඩකයන්ට වැඩ වරදීද?

(යොහාන් භාසුර)

එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායමේ නීති රීති උල්ලංඝනය කරමින් රාත්‍රී කාලයේ එරට සැරිසරන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත්ව ඇති අතර ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී ඇත.

පවතින කොවිඩ් -19 ව්‍යාප්තිය හමුවේ එංගලන්ත - ශ්‍රී ලංකා තරගාවලිය ජෛව ආරක්ෂිත බුබුලකට යටත්ව පැවැත්වෙන අතර එම ක්‍රීඩකයින් තිදෙනා එම රීති උල්ලංඝනය කර ඇත්නම් ඔවුන්ව එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

මෙම වීඩියෝවේ දැක්වෙන ක්‍රීඩකයින් තිදෙනා වන්නේ කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන්ය.

කළමනාකරු ලබාදෙන වාර්තාවට අනුව ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද මොහාන් ද සිල්වා මහතා කීවේය.

ධනුෂ්ක ගුණතිලක, සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් මීට පෙර ද විවිධ වැරදි හේතුවෙන් දඬුවම් හා අවවාද ලැබ ඇත.



අදහස් (18)

මහ රෑ වීථි සැරූ අපේ ක්‍රීඩකයන්ට වැඩ වරදීද?

rupa Monday, 28 June 2021 01:12 PM

මහ රෑ ඇවිදපල්ලා... රටට හරියයි රට කරවන අයට වගේ...!!! 

:       0       18

nimelen Monday, 28 June 2021 01:35 PM

මකලාවත් හදන්න පුලුවන් ජාතියෙ එව්වෝ නෙමෙයි

:       0       116

sachith Monday, 28 June 2021 01:38 PM

මේ ක්‍රිකට් ගැන වැඩිදුරටත් ඉගෙන ගන්න ගියා වෙන්න බැරිද?

:       0       12

විජේ Monday, 28 June 2021 01:50 PM

මේ දෙන්නා ක්‍රිකට් නොගහා, ඉස්සර වගේ "පොම්බුලේ මගේ පොම්බුලේ" සිංදුව කියන්නේ, පැත්තකට වෙලා හිටියා නම් කොච්චර දෙයක්ද..?

:       0       19

Dharmatileke Monday, 28 June 2021 01:55 PM

ශ්‍රී ලාංකිකයින්ට වැරැදි වැඩක් කළානේ.. ඒක ජන්මයෙන්ම ගේන කරුමයක්..

:       0       2

dasun Monday, 28 June 2021 02:03 PM

මොවුන් වහාම කැඳවිය යුතුයි. මොකද ටීම් එකේ හිටියා කියලා කරන දේකුතු නැහැනේ... ලංකාවේ තව ඕනෑ තරම් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතුයි.

:       0       53

සිරිබිරිස් Monday, 28 June 2021 02:09 PM

මොනවද අර කරන්නේ?

:       0       11

shalindra Monday, 28 June 2021 02:19 PM

නෑ ....හිතලා බැලුවා ම වැඩ වරදින්නේ වෙලාව නාස්ති කරගෙන ...... මේ ලිපිය කියවන කියවන අපිට යි ,

:       0       3

Nimesh Monday, 28 June 2021 02:27 PM

ඕකට තමයි ඒ ගොල්ලෝ මනේජෙර් ල තියන් ඉන්නේ , පොඩ්ඩක් සල්ලි වියදම් කරලා ඕකත් ගොඩින් බේරාගනී

:       0       11

Raveendra Monday, 28 June 2021 02:40 PM

විනයක් නැති තැන කොතනද එතන විනාශයකි, එතන කිසිදු දියුණුවක් නොමැත. එය පරම සත්‍යකි.

:       0       116

නෝ බෝල් Monday, 28 June 2021 02:47 PM

ඔය සීතලට ඉඟුරු කොත්තමල්ලි ටිකක් බීල ක්‍රීඩා ඇමතිතුමාගේ යාලුවා දුන්න කුරුඳු බීඩියක් බීල ඇඟ ශක්තිමත් කරගන්නනේ හදන්නේ. "හැමෝම දකින්නේ පරදින එක විතරයි. තරඟ තුනේදීම "ටොස්" එක දිනපුවා කාටවත් පෙනෙන්නේ නෑ. අපි තමයි හොඳටම කෙරුවේ."

:       0       169

karolis Monday, 28 June 2021 03:05 PM

ලංකාවේ විනයක් තියන එක තැනක් කියනන බලන්න කටක් ඇරලා

:       0       19

ROJAR RAJAPASSA Monday, 28 June 2021 03:33 PM

ඔතන කියන තරම් දෙයක් වෙලා නැතුව ඇති .සමහරවිට පෙරහුරුවකට යනන ඇති.

:       0       4

abba Monday, 28 June 2021 05:42 PM

මේ අයට මොනවද වෙලා තියෙන්නේ...?

:       0       1

ලක්ශාන් Monday, 28 June 2021 05:54 PM

ආයේ කිසිම සමාවක් ඕන නෑ.. විනයක් නැතුව අනිත් මොන දේ තිබුණත් වැඩක් නෑ.. ජීවිතාන්තය දක්වාම තරඟ තහනම් කරන්න ඕනෑ... ක්‍රිකට් ගහලා ලෝකයේ නමක් තියපු ලංකාවේ අපේ ක්‍රීඩකයින්ටත් කරන අවමානයක් මේක..

:       0       1

RaveendraMonday, 28 June 2021 08:18 PM

සහතික ඇත්ත.. මේවාට කිසිදා ක්‍රීඩා කිරීමට නොහැකි වෙන්නම දඬුවම් කළ යුතුමයි. මහජනතාවගේ බලාපොරොහ්තු විනාශ කරන "කාලකන්නි". මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව මේ සියලුම ක්‍රීඩකයින්ට කියැවීමට හැකි වේවා..." විනයක් හික්මීමක් නැති කිසිඳු කෙනෙක් අපගේ මව්බිම නියෝජනය නොකෙරුවාට කිසිදු ගැටළුවක් නැත". බලධාරීන්ගේ අවධානය අපේ මෙම අදහස් දේ යොමු වේවා..!!! 

:       0       6

Nihal Monday, 28 June 2021 06:29 PM

වෙලාවකට හිතෙනවා මේ රටේ ක්‍රීඩාලෝලීන් ඉන්දියාවේ ක්‍රීඩාලෝලීන් වගේ වුණා නම් හොඳයි කියලා. දවසකට දෙකකට හරි...

:       0       5

de silva Thursday, 01 July 2021 08:06 AM

රටට අපහාස කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 239 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 760 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1184 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site