(අජන්ත කුමාර අගලකඩ)
මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලිමෙන් වළකින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත .
ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.
ගතවූ කාලයේදී රැකියා විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බැවින් අලුතින් කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි පවසා ඇති ඇමතිවරයා සිටින කාර්ය මණ්ඩල යොදාගෙන කටයුතු කරගෙන යන ලෙස සඳහන් කර ඇත.
විදේශ සංචිතවල යම් අඩුවීමක් තිබෙන නමුත් එය කළමනාකරණය කර ගත හැකි මට්ටමක පවතින බව පවසා ඇති ඇමතිවරයා විදේශ සංචිතය ඩොලර් බිලියන 1.2 ට අඩු අවස්ථා පවා තිබුණු බව පවසා ඇත .
මහ බැංකුවේ හා පෞද්ගලික බැංකු වල කිහිප දෙනකු එක් වී ඩොලර් මගඩියක් කරගෙන යන බව කී ඇමති රාජපක්ෂ මහතා කළු කඩේ ඩොලරයක මිල රුපියල් 235 ක් දක්වා ඉහළ ගියේ ඒ නිසා බවද පවසා ඇත . කළු කඩේ ඩොලරයක මිල මේවන විට රුපියල් දෙසිය පහළොවක් පමණ දක්වා අඩු වී ඇතැයි ඔහු එහිදී පවසා ඇත
සහල් මිල රුපියල් 20 කින් පමණ අඩු කිරීමට හැකියාව තිබියදී ව්‍යාපාරිකයන් හතරදෙනකු සහල් වලින් අධික ලාභයක් ලබන බවද ඇමතිවරයා සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලන්න එපා කීමෙන්ම මූල්‍ය අර්බුදයේ බරපතල බව පෙන්වන්න වෙන සාක්ෂි කුමකටද?
හරියට තියනවා වගෙ නේද
අමතරව ඉල්ලන්නේ බූරුවා ගහන්නද?
සහල් වලින් අධික ලාභ ලබන 4 දෙනා කවුද කියලා කියන්න බයද?
අමතරව ඉල්ලන්න එපා කියන්නේ පවුලේ හතර වරිගයම ඉන්න අයගේ වුවමනාවන් පිරිමහගන්න වෙන්න ඇති. මාර ආර්ථික ඔස්තාර් කෙනෙක්නේ. මොනවද දන්නේ නැහැ තියෙන සුදුසුකම්?
සර් , ටිකක් නම් ගන්න ඕන..
භාණ්ඩාගාරෙත් ඉවරයි...!!!
අනේ ඒ වුණාට එයාර් ලංකා එකට මුදල් දෙන්න. මොකද ඒකෙ ඉන්නේ තමුන්නැහැලාගේ පවුලේ අය. ඒ අයට වැටුප් නැති වුනොත් අපි කොහොම වාවන්නද?
මහ බැංකුව ගැන කියපු කතාවට කියන්න තියෙන්නේ, ගමරාල තමාගේ අමුඩේ කැතකලේ කවුද කියලා අහනව වගේ.... කතාවක්...
මෙලහකට ඒකත් සුද්ද කරලද දන්නැහැ..
අපේ 10% ගන්න බැරිද?
ඇමතිතුමණි, රාජ්‍ය සේවයේ සියළුම තනතුරුවලට බඳවාගෙන ඇත්තේත්, බැඳී ඇත්තේත් ඒ ඒ රැකියාවලට ආවේනික අවධානම හඳුනාගෙනයි. ත්‍රස්තවාදී අවදානම කාලේ තරුණයින් හමුදාවට බැඳුනේ මැරෙන්න වෙන බව දැනදැනම රටට ආදරේ නිසයි. තරුණයින් විතරක් නෙවෙයි වෙනත් රජයේ වෘත්තින්වල හිටපු රටට ආදරේ කරපු නිලධාරින් ස්වේච්ඡා හමුදාවට බැඳුනෙත් ඒක නිසයි. සෞඛ්‍ය සේවයට බැඳෙනකොටම දන්නවා තමන්ට සේවය කරන්න වෙන්නේ විවිධාකාර ලෙඩ්ඩු එක්ක කියලා. දැනදැනම ඔවුන් සේවයට එන්නේ රැකියාව වැදගත් නිසා. හැබැයි එහෙම සෞඛ්‍ය අවදානමක් නැති වෘත්තීන්වල සේවය කරන අයටත් මේ වගේ කාලෙක සේවය කරන්න වෙන්නේ සෞඛ්‍ය අවදානම සමගමයි. ඒකනිසා කිසිම හේතුවකට, කිසිම වෘත්තියකට විශේෂ කරලා අපේ බදු මුදලින් වැටුප් නම් කිසිසේත්ම වැඩි කරන්න භාණ්ඩාගාරයෙන් නම් මුදල් වෙන් කරන්න එපා...
කවුද සල්ලි මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලන්නේ? රටේ අහිංසක දුප්පත් මිනිස්සුද?