(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහබැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප දෙනවාද? නැද්ද?යන කාරණය සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා වහාම පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය.
සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්, වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 05 ක් ඇතුළු නියෝග කිහිපයක් සම්මත කිරීමේ විවාදය ඇරැඹි අවස්ථාවේ නැගී සිටි රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නියෝග ඉදිරිපත් කිරීම සඳහා මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට නොපැමිණියේ මන්දැයි ප්‍රශ්න කෙළේය.
"මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් දෙනවද නැද්ද යන ප්‍රකාශය කරන්න මුදල් ඇමති පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.මේ ආණ්ඩුවේ ඇමතිවරු සිටියාට වැඩ කරන්න බෑ. ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් "යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එහිදී නැගී සිටී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසූයේ මුදල් ඇමැතිවරයා වෙනුවෙන් අදාළ නියෝග ඕනෑම කැබිනට් අමාත්‍යවරයකුට ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවයි."මුදල් ඇමති තව ටික වේලාවකින් පාර්ලිමේන්තුවට ඒවි"යනුවෙන්ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.
COMMENTS
ඇත්ත නේන්නම් ... ඒ මනුස්සයාගේ මිත්‍රයාටත් සොච්චමක් හරි ලැබෙනවද කියලා දැනගන්න එපෑයෑ..
අවුරුදු 70 වක් තට්ටු මාරු ක්‍රමේට ඉඳල ,රටම ණය කන්දරාවක හිර කරලා, අපේ වස්තරෙත් ගලවන් යන තරමට ආර්ථිකේ වට්ටලා, හොරා කාල කෝටිපතියෝ වුනු අයගේ පැවැත්ම වෙනුවෙන් අපි වාද කරගන්නවා.
සිංගප්පූරුවේ එන්න එක්කෙනාට හම්බෙනවද කියලද අහන්නේ...?
හොරු ඇල්ලුවේ නැහැනේ...! ළඟ හිටපු හොරා ඔබටත් නොකියාම සිංගප්පූරුවට පැන්නා නේද? අනික් එක්කෙනා දැන් මූණ හංගාගෙන නේද ඉන්නේ? ඒක නිසා ඔබතුමාටත් පෙන්ෂන් එපා කියන්න...
රට විනාශ කරන මන්ත්‍රී වරු විශ්‍රාම වැටුප් ගන්න එකේ විශාල කාර්ය භාරයක් හිමි බැංකු අධිපති ගත්තා ට කමක් නැහැ .
ඇම්ඩන් අයියා සෑහෙන මහන්සි වෙනවා නේද? සිංගප්පූරු චාලිට තව කීයක් හරි හිස් බැංකුවෙන් අරගෙන දෙන්න. ම්ම්..ම්ම්.. හොඳා හොඳා... වලපයයි, ගොඩපයයි කාලේ පිනක්, දහමක් කරගන්න එක නම් හොඳයි ගොයියෝ..
මහ බැංකුව හොරාකන්න දන්නවා... අනෙක් ඒවා දන්නේ නැහැ..