(ඉන්දිකා රාමනායක)
ගතවූ පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
මෙම පිරිසෙන් පුද්ගලයන් 7 දෙනෙකු යතුරුපැදි කරුවන් බවත්, සෙසු තිදෙනා පදිකයින් බවත් හෙතෙම කියා සිටියේය.
දිනකට අනතුරුවලින් පුද්ගලයන් දස දෙනකු මියයාම කණගාටුවට කරුණක් බවත්, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය , බීමත්ව රිය ධාවනය, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය වීම, මාර්ග නීති උල්ලංඝනය නොකිරීම යන කරුණු අනුව මෙම අනතුරු වැඩි වශයෙන් සිදුවන බව ද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙසේ නොවේවා ඉදිරියටවත්...!!!