(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ වී වගා කළ යුතු කුඹුරු හෙක්ටයාර් ලක්ෂ අටෙන් මේ වන විට කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක වී වගාව ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
පොළොන්නරුවේ උපවාස කරන ගොවීන් අතර නියම ගොවීන් කී දෙනකු සිටී දැයි සොයා බැලිය යුතු බව කී අලුත්ගමගේ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එ් උපවාසකරුවන් අතරට ගොස් නොයෙක් දේ පවසා තිබූ බව ද හිටපු ජනාධිපතිවරයකු කී දෙයක් හෙයින් තමා ඊට උත්තර නොදෙන අතර තම උත්තර දුන්නොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පාරේ බැස යන්නට නොහැකි වනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
පේරාදෙණිය ගන්නොරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ පැවැති සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව පැවසීය.
COMMENTS
කතාව දෝලාවෙන් ගමන පයින්....
ඉතුරු තුන නැත්නම් බිම
ඔය කොයි කව්රුත් කියන කරන දේවල් වලට කාට කාටත් තම තමන්ගේ ආරක්ෂකයින් නැතුව නම් පාරේ බැහැලානම් යන්න බැහැ තමයි
අපි නම් කුඹුරු වපුරා අවසන්.කොම්පෝස්ට් වපුරන්න පෙර යෙදිය යුතු වුනත් තවමත් පොහොර නැහැ තමුන්නැහැ කියනවා බෙදාහැරීම කලා කියලා ආපු බවක් දන්න කෙනෙක් නැහැ
දැන් ඔයා දකිනකොටත් මිනිස්සුන්ට කේන්තියි. ඒ නිසා මහජන සහභාගී වීම් නැවැත්වීම තමයි හොඳ. ඉස්සර වගේ පත්වීම් දීම්, මුල්ගල් තැබීම්, විවෘත කිරීම් වැනි දේවල් නිලධාරීන්ට පවරලා ගෙදරට වෙලා ඉන්න. කොහොමත් ඒවා මහජන මුදලින් මිසක් ඕගොල්ලන්ගේ මුදලින් දෙන ඒවා නෙවෙයිනේ. ඒවාට සහභාගී වීමට ප්‍රවාහන වියදම් ද රජය දැරිය යුතුයි.
කන්න දෙකයි .කන්නයක් වැඩ පටන් ගන්න චක්‍රයයි නොදන්නා කෘෂිකර්ම ඇමති .ගොවියන්ගේ කරුමේ
ක්‍රීඩාව වගේ කෘශිකර්මයත් උලාම කන්න....