(දසුන් රාජපක්ෂ)
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව වෙත සාක්ෂි ලබාදීම සඳහා සේවා තහනමකට ලක් වී සිටින කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හෙට (20) එම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
මෙම ජනාධිපති කොමිසම මගින් ස්ථාපිත කොට තිබෙන විශේෂ පොලිස් ඒකකය වෙත තිලිණ ගමගේ මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර ඊට අදාළව සාක්ෂි විමසීම සඳහා ඒ මහතා හෙට කොමිසමට කැඳවන බව ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයකු ඊයේ (19) පැවසීය.
මෙම කොමිෂන් සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන කාර්යාලයේ දී හෙට රැස්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණමය ක්‍රියාමාර්ග වලින් විසඳිය යුතු බොහොමයක් දේවල් යට ගහන්න හොඳම ක්‍රමය තමයි ජනාධිපති කොමිෂන් සභා. උසාවියක සිද්දවෙන දෙයක් අඩු ගානේ පත්තරේකවත් පලවෙනවා. කොමිෂන් වාර්තා එතැනින්ම ඉවරයි.