IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහේෂ් සේනානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අනිද්දා

(ඩයනා උදයංගනී)

ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අනිද්දා (24) පස්වරු 5.00 ට එළිදැක්වීමට නියමිතය. 

ජාතික ආරක්‍ෂාව, ගැමි ආර්ථිකය නගා සිටුවමින් දේශීය ආර්ථිකය නැංවීම, අධ්‍යාපන කුසලතා සහ මානව සම්පත් සංවර්ධනය ආදී අංශ රැසක් යටතේ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කර ඇති බව ජාතික ජනතා ව්‍යාපාරයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සහ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ද මෙම අවස්ථාවේදී අදහස් දැක්වීමට නියමිතය.



අදහස් (6)

මහේෂ් සේනානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අනිද්දා

රජින්ද Tuesday, 22 October 2019 06:52 PM

මෙලෝ ප්‍රතිපත්තියක් නැති අඩුමගානේ තමා ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ මොකටද කියලා තමන්වත් නොදන්නා මෙවැනි අයට දෙන ජන්දය හොදයි දෙමළ සන්ධානෙට දෙන එක. මොකද එවුන් කෙලින්ම රට බෙදන්න කියලා කියාගෙනමයි ඉල්ලන්නේ. ඒකට මේගොල්ලෝ රටට කියන්නේ එකක් ඒත් ඇතුලෙන් දුවන්නේ වෙනම න්‍යාය පත්‍රයක්. ඒ කොහොම නමුත් මේ රටේ බුද්ධිමතුන් ප්‍රතිපත්තිගරුක කියූ දේ කල නායක ගෝඨා වටා රොද බදිමින් සිටිනවා පැහැදිලිවම දකින්න ලැබෙනවා.

:       104       161

විජිත් Tuesday, 22 October 2019 07:02 PM

මේ රට වැටී තිබෙන ( දුෂිත දේශපාලුවන් විසින් නැත්තටම නැතිකොට තිබෙන ) අන්ත අසරණ තත්වයෙන් ගොඩ ගැනීමට ඔබතුමා ඇතුළු නාගානන්ද,කොලොන්නේ,විජේසිංහ,පල්ලෙවත්ත,.. ඒවගේම " අනුර කුමාර දිසානායක " ඉසුරු සුබසිංහ ...වැනි විකල්ප ධාරාවේ සියලුම පක්ෂ එකතුවී ගොඩනගන ශක්තිමත් සන්ධානයට මගෙන් සුබ පැතුම්..!!! ඉදිරි සති 3 තුල ශ්‍රී ලංකාවේ දේශපාලන " ඇරිනාවේ " මෙතෙක් නොවූ විරු දේවල් සිදුවේවි...

:       236       309

sam Wednesday, 23 October 2019 04:13 AM

විජිත් ඔබ නගානන්දට සුබ පතන්න ඉස්සෙල්ල ඔහු රටේ මිනිසුන්ගෙන් එකතු කරපු සල්ලිවලට මොකද කරේ කියල හොයන්න. කී දෙනෙක් ඒ දීපු සල්ලි ආපහු ඉල්ලනවද. ඒ වගේම මහේෂ් හමුදාපති කාලේදී පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන ඉන්ටනෙට් එකේනේ දකිනකම් දන්නේ නැත්නම් දැන් විශ්‍රාම ගිහින් ඉන්නකොට රටේ දේවල් මොන විදිහෙන් දැනගනීවි කියලද අපි හිතන්න ඕන?

:       27       45

chinthaka Wednesday, 23 October 2019 07:26 AM

සෑම්, නාගානන්ද මහත්තයා සල්ලි අරගෙන පැනපු එක ගැන කතා කරන්නේ අනිත් ඉන්න මහත්තයලා අපේ සල්ලි කොච්චර හොරකම් කරලා තියනවද ? ඒවා ගැන කැක්කුමක් ඔයාට නැද්ද ? මන් මේ නාගානන්ද සල්ලි ගත්ත එක සාධාරණිකරණය කරනවා නෙවෙයි. ඒක වැරදියි සම්පුර්ණයෙන්ම. එත් පොදුවේ අපේ සල්ලි හොරකම් කරන අයට ඔයා වචනයක්වත් කියන්නේ නැතුව ඡන්දෙත් එයාලටම දෙන එක නම් සාධාරණිකරණය කරන්න කොහොමත්ම බැහැ.

:       100       216

ravinWednesday, 23 October 2019 09:17 AM

සෑම්, නාගානන්ද මහත්තයා කාගෙන්වත් සල්ලි අතට අරන් නැහැ. ඒ මුදල් විශේෂිත ගිණුමක මහජන බැංකුවේ තිබෙන්නේ. ඉන් මුදල් අරගන්න නාගානන්දට නිකම්ම බැහැ. ඒ සඳහා අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුයි. එවිට මුදල් අවශ්‍ය ඇයි? කොපමණද ? සඳහන් කළ යුතුයි. එවිට ඒ මුදල් ප්‍රමාණය නිදහස් කරනවා. නාගානන්දට එකතුවෙලා තිබුන මුදල් සහ සියලුම වාර්තා නාගානන්ද මාධ්‍යයට පෙන්වූවා. ඇත්තටම නාගානන්දට මුදල් දුන්න කිසිම කෙනෙක් ඒ මුදල් නැවත ඉල්ලන වර්ගයේ අය නොවෙයි. නාගානන්ද කියන්නේ හොරෙක් නොවෙයි. ඔහු හොරෙක් නම් අවුරුදු 71 මේ රට කොල්ලකාපු දේශපාලුවන්ට කියන්නේ කවුරු කියලද ?

:       0       0

jona Wednesday, 23 October 2019 07:37 AM

සෑම්, පාස්කු ප්‍රහාරය ගැන හමුදාපති දැනගෙන හිටියා කියමුකෝ. ඔහුට විසදුමක් ගන්න තනියම එයාට තියෙන බලය මොකක්ද? ඔය බලය තියනවා කියන අය යස අගේට සද්ද වහලා හිටියේ. ප්‍රහාරයෙන් පස්සේ කිව්වේ ලොකුකමට අපි දැනගෙන හිටියා කියලා. ඒකට සද්ද නැත්තේ ඇයි ඔයාලා? එහෙම සද්ද වහලා හිටපු කෙනෙක්ටම නේද ඔය ඡන්දේ දෙන්නේ? අනිත් හැමදේටම කෑගහන කට්ටිය එදා මොකද ඕක වෙනකන් සද්ද නැතුව හිටියේ ? උත්තර හොයන්න ඕනේ ඕවට නෙවෙයිද ? හමුදාපතිට බලය නැහැ හදිසි නීතිය නැති වෙලාවට රටේ නීතියට අත තියන්න. ඔහු ඉන්නේ සේනාධිනායකයාට (ජනාධිපතිතුමා ) යටත්ව. එයා කියන දෙයක් විතරයි කරන්න පුළුවන්. ඕක තේරුම් ගන්න බැරි අය ඉන්නවනේ මෙහේ. එත් කවුරු හරි කියන කතාවකට උඩ පැන පැන ඉන්නේ නැතුව හිතලා තීරණයක් ගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site