
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති කාලගුණය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස පහළට ගොස් ඇත.
පොල්ගොල්ල ජලාශයට ලැබෙන ජලය ප්‍රමාණවත් නොවීම නිසා ගඟට ජලය මුදා හැරීම අවම වී ඇති බැවින් මෙලෙස ගඟේ ජල මට්ටම අඩු වීමට හේතුවී ඇති බව මහවැලි අධිකාරියේ නිලධාරියෙක් සඳහන් කළේය.
මේ හේතුව නිසා වික්ටෝරියා, රන්දෙණිගල රන්ටැඹේ යන විදුලි බලාගාර වෙත යැවෙන ජලයද අඩු වී ඇති නමුත් ඉදිරි දිනවල වැසි අපේක්ෂා කරන බැවින් ජලය ලැබීමේ හැකියාව පවතින බවද එම නිලධාරියා කීය.



COMMENTS
ඉංග්‍රීසි ජාතිකයන් විසින් එක්දහස් අටසිය ගණන් වල මිනුම් කටයුතු කිරීමේදී ලංකාවේ කෘෂිකර්මාන්තය විනාශ කිරීම සඳහා කඳුකර ප්‍රදේශවල තිබුණු සියලුම පතහ (කුඹුරු වලට ඉහලින් තිබුනු කුඩා පොකුණු)මේවා ඉඩම් වලට පවරා දීමෙන් මිනිසුන්ගේ ඉඩම් තණ්හාව නිසා සියලුම පතහවල් වසා දැමූහ දැන් වැස්ස නැති වුණු ගමන කඳුකරයේ තිබූ ජන සංරක්ෂිතය රටට අහිමි වුණා දැන් උගත් බුද්ධිමත් හොර රැල කිඹුල් කඳුළු හෙළනවා අවශ්‍ය තීරණ නොගෙන ජනතාවගේ අවාසනාව
මේ ගංගා වල ජලය නොසිඳී පැවතීමට නම් ගඟ පතුලේ ඇති රොන්මඩ තට්ටුව ආරක්ෂා වී තිබිය යුතුය. ගංගා පතුලේ වැලි හෑරීම නිසා මේ රොන්මඩ තට්ටුව ඉවත් වී ඇත. මේ නිසා ඉස්සර කාලෙ මෙන් ගංගාවල් නොසිඳී ඉතුරු වෙන්නේ නැහැ.