IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහවැලි උපදේශන සේවා කාර්යාංශය ඈවර කරයි

(බිඟුන් මේනක ගමගේ) 

 
මහවැලි උපදේශක සේවා කාර්යාංශය ඈවර කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් සිය කාර්යාංශ නිලධාරින්ට දැනුම් දෙනු ලැබ ඇතැයි එහි නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.
 
 ඒ අනුව ගණන් බේරා වසා දමා සමාගම සතු වත්කම් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට පවරාගැනීමට නියමිත යැයි ද විශේෂ කමිටුවක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකින් පසුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව දැනුම් දී ඇතැයි ද එම නිලධාරියා කීය.
 
 
මෙම දැනුම්දීම නිසා ඇතැම් ආයතන සමග එළැඹ තිබූ ගිවිසුම්ගත ව්‍යාපෘති රැසක්ම අතරමග නතර කිරීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
 
 මහවැලි උපදේශක සේවා කාර්යාංශ සේවක මණ්ඩලය සම්බන්ධයෙන් ගන්නා පියවර මේ වනතුරු දැනුම් දී නැති නමුත් සමාගම වසාදැමීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද ඔහු පැවසීය.
 
 සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලය ද පසුගිය කාලයේ ඉල්ලා අස් වී යැයි කී හෙතෙම සැකකටයුතු
 ආකාරයට සිදු වූ මූල්‍ය ගනුදෙනුවක් ඊට හේතු යැයි ද කීවේය.
 
 ආයතනය ලාභ ලබන තත්ත්වයේ පැවතියේ යැයි ද වසා දැමීමට කිසිදු හේතුවක් නැතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
 මහවැලි අධිකාරියට අනුබද්ධිත සමාගමක් වන මහවැලි උපදේශක සේවා කාර්යාංශය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ පවතී.



අදහස් (0)

මහවැලි උපදේශන සේවා කාර්යාංශය ඈවර කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site