(කවිතා සුබසිංහ)
මහර බන්ධනාගාරයේ සියලුම සිරමැදිරිය ආවරණය වන පරිදි සිදුකරන ලද හදිසි සෝදිසි කිරිමකදී ක්‍රියා විරහිත ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය කියයි.
සැකකරුවන් රඳවා සිටින අංශයෙන් හමු වු මෙම ජංගම දුරකථනයේ සිම්පතක් ඇතුළත් කර නොතිබු බවද මහර බන්ධනාගාරය සඳහන් කරයි.
මහර බන්ධනාගාරයේ සේවයේ නියුතු ජේලර්වරුන් හා නියාමක නිළධාරින් ඇතුළු නිළධාරින් 100 දෙනෙකු යොදවා මෙම හදිසි සොදිසි මෙහෙයුම සිදු කළ බව බන්ධනාගාරය කීය.
මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා අධික්ෂණය පරිදි සහකාර බන්ධනාගාර අධිකාරි ජගත් දිසානායක , ප්‍රධාන ජේලර් සුභාෂ් උපුල්දෙණිය යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සති අන්තයේ සේවය සදහා කැදවා තිබු නිළධාරින් පිරිසක් පෙර දැනුම්දීමකින් තොරව මෙම හදිසි සෝදිසි කිරිම සදහා යොදවා ඇත.
දැනට ක්‍රියාත්මක දැඩි ආරක්ෂිත වැඩපිළිවෙළ හේතුවෙන් ජංගම දුරකථන ඇතුළු තහනම් ද්‍රව්‍ය වලින් තොර කලාපයක් බවට මහර බන්ධනාගාරය පත්ව ඇති බවත් ඒ හේතුවෙන් රැදවියන් බැලීම සදහා පැමිණෙන ඥාතීන් පවා විවිධ සුක්ෂම ක්‍රම ඔස්සේ තහනම් ද්‍රව්‍ය රැදවියන් වෙත ලබාදීමට උත්සාහ කර අත්අඩංගුවට පත්වු අවස්ථාව ද වාර්තා වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
COMMENTS
එන්න කළින් සිම් එක හංගන්න ඇති.. මොකක හරි එක දෙයක් අහුවෙන්න තිබ්බාම හැමෝම සන්තෝසයි. වැටලීම සාර්ථකයි. එළ එළ...
හොරාගේ... අම්මාගෙන් පේනඇසීම...
"මහර බන්ධනාගාරයේ සේවයේ නියුතු ජේලර්වරුන් හා නියාමක නිලධාරීන් ඇතුළු නිලධාරින් 100 දෙනෙකු යොදවා මෙම හදිසි සෝදිසි මෙහෙයුම සිදුකළ බව බන්ධනාගාරය කීය." මේ කොටස දකිද්දී හිනා ගියේ මට විතර ද?