IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහර බන්ධනාගාරයෙන් පැන යන්න හැදූ 9 ක් අත්අඩංගුවට

(කවිතා සුබසිංහ )
 
රටෙි පවතින හදිසි තත්වය යටතේ අධිකරණය මගින් බන්ධනාගාරගත කරන ලද නවක සැකකරුවන් 9 දෙනෙකු රදවා සිටි සිර මැදරියෙන් පිටතට පැන බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කිරිමෙිදි රාත්‍රි සේවයේ නියුතුව සිටි බන්ධනාගාර නිළධාරින් විසින් මහත් පරිශ්‍රමයක් දරා නැවත අත්අඩංගුවට  ගැනීමට සමත් වු  බව මහර බන්ධනාගාරය කියයි.
                                         
මත්ද්‍රව්‍ය වැරදි හා මංකොල්ලකෑම් වලට සම්බන්ධව අධිකරණය විසින් බන්ධනාගාරගත කරන ලදමෙම සැකකරුවන් අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම නිරත වු අයෙකුද සිට ඇතැයි බන්ධනාගාරය සඳහන් කරයි.
 
මේ දිනවල බන්ධනාගාර ගත වන නවක සැකකරුවන් ව ආරක්ෂිත පියවරක් ලෙස වෙනම සිරමැදිරියක රදවන අතර එම සිරමැදිරිය කඩා මොවුන් මෙලෙස පිටතට පැන ඇති අවස්ථාවේ බන්ධනාගාරය තුල මුර අට්ටාලයෙහි රාජකාරි කල නිළධාරියා විසිනි සිය රාජකාරි ගිණි අවියෙන් අහසට වෙඩි තබා ඇත.
 
ඔවුන් මෙල්ල කිරිමට උත්සාහ කළ ද ඉන් නොනැවතුණ මෙම සැකකරුවන් 9 දෙනා බන්ධනාගාර තාප්පය දෙසට දිව යද්දි රාත්‍රී සේවා නිළධාරින් ඔවුන් අල්ලාගෙන ඇති අතර එක් සැකකරුවකු යකඩ කොක්කක් තාප්පයට දමා පිටතට පැන ගැනීමට දරන ලද උත්සාහය ව්‍යර්ථ වී කොක්ක සහිත රෙදි වලින් සාදන ලද කඹය කැඩි තාප්පය අඩක් පමණ නැග සිටි ඔහු නැවත බන්ධනාගාර තුලට වැටි ඇත.
 
එහිදි තුවාල ලැබු එම සැකකරු රාගම  රෝහලට ඇතුළත් කිරිමට බන්ධනාගාර නිළධාරින් කටයුතු කර ඇත. 
 
සැකකරුවන් අල්ලා ගැනීමට යාමේදී තුවාල ලැබු බන්ධනාගාර නිළධාරින් දෙදෙනකුද රාගම රෝහලට ඇතුළත් කර ඇත.  
 



අදහස් (0)

මහර බන්ධනාගාරයෙන් පැන යන්න හැදූ 9 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site