(රංජන් කස්තුරි)
මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම හෙට (12) දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
ඒ අනුව නාමයෝජනා බාරගැනීම අද සිට මේ මස 19 වැනිදා දක්වා සිදුකෙරෙන බවද එම කොමිසම කියයි.
මේ අතර මහා මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරිම මේ මස 18 වැනි දින දහවල් 12 දක්වා සිදුකෙරෙන බවද මැතිවරණ කොමිසම කියයි.
පිළිගත් දේශපාලන පක්ෂ වලින් ඇප මුදල් ලබාගැනීමක් සිදුනොවන අතර එක් ස්වාධීන අපේක්ෂකයකු රුපියල් 2000 ක ඇප මුදලක් තැන්පත් කළ යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd