IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහපොළ - ශිෂ්‍යාධාර හිඟ මුදල් ගෙවීමට රජය තීරණය කරයි

(නාලක සංජීව දහනායක)

පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිඟව පවතින මහපොළ සහ ශිෂ්‍යාධාර මුදල් ලබන සඳුදා වනවිට ගෙවීමට රජය තීරණය කර ඇත.

එහිදී දේශන සඳහා පැමිණීමේ දින සියයට අසූව සම්පූර්ණ කර නොමැති සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වය ලබාදීම, ශිෂ්‍යාධාර හා මහපොළ අරමුදල සම මට්ටමට ගෙන ඒමටද රජය තීරණය කර තිබේ.

මහපොළ අරමුදල හා ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මූලික කරගනිමින් සරසවි සිසුහු අද (09) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරවූහ.

ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න මහතා හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් විරෝධතාවයේ නිරත සරසවි සිසුන් සමඟ සාකච්ඡාවක නිරත වූ අතර එහිදී මෙම එකඟතාවයන්ට එළඹි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එමෙන්ම සබරගමුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ඇති ගැටලූ විසඳීම, ශිෂ්‍යාධාර පිරිනැමීමේදී සලකා බැලෙන දෙමාපිය ආදායම රුපියල් ලක්‍ෂ 7 දක්වා වැඩි කිරීම, වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් සිසුන් ඉදිරිපත් කළ යෝජනාවලට කඩිනමින් විසඳුම් ලබාදීමට එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

එම සාකච්ඡාවේදී සාකච්ඡා කළ කරුණු සිසුන්ට ලිඛිතව ලබාදීමට නිලධාරීහු එකඟවූ අතර පවතින ගැටළු සම්බන්ධයෙන් මසකට වරක් හෝ සති දෙකකට වරක් සිසුන් සමඟ සාකච්ඡා කිරීමටද එහිදී තීරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් සමඟ සාකච්ඡා කර තීරණයකට එළබෙන බවද ශිෂ්‍ය නියෝජිතයෝ සඳහන් කළහ.

 

 

   



අදහස් (11)

මහපොළ - ශිෂ්‍යාධාර හිඟ මුදල් ගෙවීමට රජය තීරණය කරයි

ධම්ම Thursday, 09 January 2020 04:28 PM

දැන් ඉතින් පෙරටුගාමී පක්ෂයෙන් වැඩක් නැහැ.

:       0       1

gamini Thursday, 09 January 2020 06:24 PM

යාළුවො ටික ඔන්න අද බලාගන්න මේ අය තමා ජපුර පාලනය කළේ.

:       0       1

kushantha weerasingha Thursday, 09 January 2020 11:47 PM

මේ කට්ටියට දෙන්න වෙන්න ඇති අර රජයේ ලොකු කට්ටියකගේ වැටුප් තාවකාලිකව අත්හිටවුයේ. තෙමෙන තැන් වලට තව කොච්චර කාලයක් වළං තිය තියන් ඉන්නද ? ඉක්මන් කරලා ඔය එම්.සී.සී එක අත්සන් කළොත් මොකද? දැන් මැදපෙරදිග අපේ අයටත් එහෙ ඉන්න බැරිව හෙට අනිද්දා එයාලටත් සළකන්න ඕනේ නිසා. එයාලා ඡන්දෙ දීලා දිනවලා ගිහින් තව මාස 2ක් වත් ගත වුනේ නැති නිසා යෝජනාවක් කළේ............

:       0       1

denin Friday, 10 January 2020 12:09 AM

සියලුම විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ ආධාර ගෙවන්න. දැනට සුදුස්සන් තෝරාගැනීමේ අඩුපාඩුකම් ගොඩක් තිබෙනවා.

:       0       1

Pubudu Friday, 10 January 2020 12:49 AM

කිසිම රජයකින් නොවුන දෙයක්. ජයවේවා !

:       1       0

මුණසිංහ Friday, 10 January 2020 01:22 AM

ඒකත් ඉවරයි වගේ. දැන් සාකච්ඡා දෙන නිසා උද්ඝෝෂණය කරලා වැඩකුත් නැති තැනට වැඩ යෙදෙනවා.

:       1       0

Bamunuarachchi Friday, 10 January 2020 01:23 PM

මේ ඉන්නේ සිවුරු දාගත්ත විශ්ව විද්‍යාල කොල්ලන් වෙන්නැති... සියල්ලටම පෙර මොවුන්ගේ අනන්‍යතාවය සොයා බලන්න.

:       1       0

BamunuarachchiFriday, 10 January 2020 02:34 PM

කාටද මේ මෙයා කොකා පෙන්වන්නේ?

:       1       0

Bamunuarachchi Friday, 10 January 2020 01:48 PM

කාටද මෙයා මේ කොකා පෙන්වන්නේ? මහා ඡන්දෙ ඉවර වෙනකම් ඔහොම යන්...

:       1       0

මේනකා Friday, 10 January 2020 02:56 PM

හොඳට ප්ලෑන් කරලා ආණ්ඩුව වැඩේ කළා. නිකන් රැවටිලි වැඩ.

:       1       0

BamunuarachchiSunday, 12 January 2020 12:44 PM

නැතුව ඉල්ලන ඉල්ලන හැමදේම දෙන්නද? දැනට ඔහොම යන් මහා ඡන්දෙ ඉවර වෙනකන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31161 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13300 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 890 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site