IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මහපොළ අරමුදල ගැන ප්‍රකාශ ගන්න ජනාධිපති කොමිසමේ නිලධාරීන් හෙට හිටපු අගවිනිසුරුගේ නිවසට

(තිළිණි ද සිල්වා)

ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ විභාගයට ගැනෙන මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදල සතුව සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව ඉදිරිපත්ව ඇති පැමිණිල්ලට අදාළව හිටපු අගවිනිසුරු කේ.ඒ.ශ්‍රී පවන් මහතාගෙන්  ප‍්‍රකාශයක් ලබා ගැනීමට එම කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හෙට (26) හිටපු අගවිනිසුරුවරයාගේ වැල්ලවත්තේ පිහිටි නිවසට යෑමට නියමිත බව එම කොමිසම සඳහන් කරයි.

එම පැමිණිල්ලට අදාළ 2015 ‐ 2018  කාල සීමාවේ මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලේ සභාපති ධූරය නිලබලයෙන් බාර වූයේ හිටපු අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතාට හෙයින් මෙලෙස ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට කොමිසන් සභාව තීරණය කළ බවද එහි ප‍්‍රකාශයෙක් ලංකාදීපයට පැවසීය.

ඒ අනුව කොමිසමේ සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු කොමිසමේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් හෙට (26) දින පෙරවරු 8.30 ට ඒ මහතාගේ නිවසට යෑමට නියමිතය.

මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදල සතුව සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව සාක්කි ගැනීම සඳහා හිටපු උසස් අධ්‍යාපන ඇමති හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා වත්මන් රාජ්‍ය සමයේ රජයේ ආයතනවල සිදුවූ වංචා සහ දුෂණ සිද්ධීන් සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.මෙම පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය පැවැත්වේ.

 



අදහස් (0)

මහපොළ අරමුදල ගැන ප්‍රකාශ ගන්න ජනාධිපති කොමිසමේ නිලධාරීන් හෙට හිටපු අගවිනිසුරුගේ නිවසට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 359 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site