IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහනුවර දකුණ ඩිපෝව වසා දමයි

(පී.එම්. රාජපක්ෂ)

මහනුවර දකුණ ඩිපෝවේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුට පමණ මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බැවින් අද (06) මහනුවර දකුණ ඩිපෝව සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

මහනුවරදී අද (06) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කළ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවයා මහනුවර දකුණු ඩිපෝවේ ඉංජිනේරු අංශයේ කාර්ය මණ්ඩලය අතර පළමුව කොවිඩ් වෛරසය පැතිර ගොස් ඇති බවත්, මේ වන විට රියදුරු හා කොන්දොස්තර මහත්වරුන් අතරටද වෛරසය ව්‍යාප්ත වී තිබෙන බවත් පැවසීය.

මහනුවර දකුණු ඩිපෝවේ සියලුම කාර්ය මණ්ඩලය හෙට (07) දින සිට පී.සී.ආර් පරීක්ෂණ වලට යොමුකරන බවත්, වෛරසය ආසාදනය වී නොමැති සේවක පිරිස සම්බන්ධ කරගනිමින් නැවතත් මගී ප්‍රවාහන කටයුතු ආරම්භ යථාතත්වයට පත්කරන බවත් දිලුම් අමුණුගම මහතා කීය.

මගී ජනතාවට අවදානමක් ඇති වන කිසිදු තීරණයකට නොඑළඹෙන බවත් මෙම මස 11 වැනිදා පාසල් ආරම්භ කිරීමට නියමිත බැවින් ඊට ප්‍රථමයෙන් මහනුවර දකුණු ඩිපෝවේ මගී ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා තවදුරටත් පැවසුවේය.



අදහස් (0)

මහනුවර දකුණ ඩිපෝව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site