(චමිල් රූපසිංහ)
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය අද (2 වැනිදා) අලුයම 5.10 ට යෙදුණු සුභ මොහොතින් උතුරු දිශාව බලා සිරිත් පරිදි පේ කර තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිදී සිදුකෙරිණි.
ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු චාරිත්‍රය කප් සිටුවීමයි. එය සිව් මහා දේවාලයන්හි සිදු කිරීමෙන් අපේක්ෂා කරනුයේ පෙරහරේ නියැලෙන්නවුවන්ගේ ආරක්ෂාව හා සුබසෙත ප්‍රාර්ථනය සහ උපද්‍රව රහිතව සියලු කාර්යයන් සාර්ථකව සිදුකර ගැනීමට දේවාශීර්වාදය ලබාගැනීමය. එමෙන්ම කප් සිටුවීම තුළින් නිසි කලට වර්ෂාව ලැබී රටට සමෘද්ධිය සහ සෞභාග්‍යය ද ප්‍රාර්ථනා කරයි.
මෙවර කප් සිටුවීම අගෝස්තු 2 වැනිදාත් පළමු කුඹල් පෙරහර අගෝස්තු 5 වැනිදාත් යෙදී ඇති බැවින් දින පහක් තිස්සේ අභ්‍යන්තර පෙරහර පහක් පැවැත්වීමට නොහැකි නිසා එක් දිනයකදී පෙරවරුවේ සහ සන්ධ්‍යාවේ දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ. වෙනත් වසරවලදී සිව් මහ දේවාලයන්හි කපු මහතුන් සිට වූ ‘කප්’ වටා පංචතූර්යය නාදයෙන්, භක්ති ප්‍රණාමයෙන් දේවාභරණ වැඩමවා අභ්‍යන්තර පෙරහර දින පහක් තිස්සේ පැවැත්විණි.
මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත, නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු ටී.බී.වලිසුන්දර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් එම දේවාලයන් හි ප්‍රධාන කපු මහත්වරුන් විසින් මෙම සාම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කෙරිණි.





2025 දෙසැම්බර් මස 18
646
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර ඇසළ පෙරහරේ කප්සිටුවයි