
(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ලබන 28 වැනි දා විවෘත කිරීමට නියමිත ව ඇත.
කිලෝමීටර් 40.91ක දිගින් යුත් මෙම කොටස මංතීරු හතරකින් සමන්විත වේ.
මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ආ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පහකින් සමන්විත වන අතර ,මීරිගම ,නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවා ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අනුර කෙහෙල් ඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
ඉකුත් 2017 වසරේදී වැඩ ආරම්භ කරන ලද මෙම අධිවේගී මාර්ග කොටස ඉදිකිරීම සඳහා දේශීය බැංකු ණය අරමුදල් යටතේ රුපියල් කෝටි 13,700 ක පමණ මුදලක් වැය කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
කොළඹ- මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවන අතර ,මෙලෙස ලබන 28 වැනි දා විවෘත කෙරෙන්නේ එහි දෙවැනි අදියර බව බව ඔහු කීවේය . කඩවත සිට මීරිගම දක්වා කොටස එහි පළමු අදියර වන අතර ,එහි දිග කි මී 37.09ක් වේ.
පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස එහි තෙවන අදියර වන අතර, එහි දිග කිලෝමීටර් 32.5 ක් වේ. එම අදියර දෙකේ කටයුතු ලබන 2024 දී නිම කිරීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
(ඡායාරූප සැපයුම පුෂ්පකුමාර මල්ලවාරච්චි)


COMMENTS
චෛත්‍යය යොදාගෙන දවස් දෙකක්වත් දුවා ගන්න බැරිවුණා. මහා මාර්ගයෙන් දවස් කීයක් දුවා ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. අනේ මෙහෙමත් ආණ්ඩුවක්...!
සුපිරියි...!
ජනතාවගේ සල්ලිවලින් හදන දේවල් ජනතාවට අයිති නැතිනම් මොන එකාටද අයිති අායුබෝවන්...?
කොහේවත් නැති පාරක් තමයි මේ...
මේකේ ණය ගෙවන විදිහත් එදාටම පැහැදිලි කරන්න.., මතු පරම්පරාවට පැහැදිලි වෙන්න.
ඇයි දැන් කාටද අයිති...?
කොළඹ සිට මීරිගමට යන එක තමයි දැනට තිබෙන ප්‍රධානම ප්‍රශ්නේ... මේ ටික හැදුවේ නැත්තේ අැයි? සිදුවුණු අක්‍රමිකතා මොනවාද? ඒ සඳහා වෙන්කළ සල්ලි දැන් කෝ? කොන්ත්‍රාත්කරුවන් ප්‍රමාද වුණාට දඩ ගැහුවාද? මේවා ගැන තොරතුරු දැනගැනීමේ අයිතියක් අපට තියෙනවා.
මට නම් මීරිගම සිට කුරුණෑගලට යන්න හයිවේ නගින්න ඕනෑ නෑ. නිකන් පාරේ ඉක්මණටම ගියහැකියි.
මේ දේවල්වලින් ගසාකාපු හැටියට ලංකාවේ තව කොච්චර පාරවල් හදන්න තිබුණාද? කොමිස් කුට්ටි කී දෙනෙකුගේ සාක්කු වලට වැටෙන්න ඇත්ද?
එය ජනතා අයිතියට නිදහස් කර ඇත.
කඩුවෙල අධිවේගී මාර්ගයටත් සම්බන්ධ කරයි කියලත් බලාපොරොත්තු වෙනවා. සුබපැතුම්...!!!