(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කළ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සිය ධූරයන්හි කටයුතු කිරීම වලකාලමින් අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා මහින්ද ගොනු කර තිබූ විශේෂ අභියාචන පෙත්සම පෙබරවාරි 06 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) දින නියමය කළේය.
මෙම කරුණ සම්බන්ධ අභියාචන පෙත්සම ද පෙබරවාරි 21 දින සලකා බැලීමට දින නියම කෙරිණි.
මෙම විශේෂ අභියාචන පෙත්සම අගවිනිසුරු නලින් පෙරේරා, ප‍්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සිය ධූරයන්හි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් 03 වැනිදා නියෝගයක් ලබා දුන් අතර ඊට එරෙහිව මෙම විශේෂ අභියාචන පෙත්සම ඉදිරිපත් කෙරිණි.
තමන් අගමැති ධූරයේ සහ අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගමැති ධූරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන , ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් විශේෂ අභියාචනා පෙත්සම් ගොනු කර තිබුණි.
මෙම විශේෂ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය යන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
නීතීඥ සනත් විජේවර්ධන මහතා මඟින් වෙන වෙනම ගොනු කළ මෙම අභියාචන පෙත්සම් දෙකෙහි මෙසේද සඳහන් වේ.
අභියාචනාධිකරණය නීතිය වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම තමන් එම තනතුරුවල කටයුතු කිරීම අත්හිටුවමින් පෙරේදා (03) අතුරු නියෝගයක් නිකුත් කර ඇත. මෙම අතුරු නියෝගයෙන් වගඋත්තරකාර පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍යවරුන්ට අගතියක් හා අප‍්‍රතිකාරී හානියක් සිදුවන බවද පෙත්සමේ සඳහන් වේ.
එසේම තමන් තනතුරු වල කටයුතු කිරීම අත්හිටුවමින් දුන් එම තීන්දුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද එහි සඳහන් වේ.
එබැවින් පෙත්සම මෙම විශේෂ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු නියෝගය ඉවත දමන ලෙසද මෙම විශේෂ අභියාචන පෙත්සමේ සඳහන් වේ.
එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසතෙ, අභියාචනාධිකරණය හමුවේ පෙත්සම්කාර වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 දෙනෙකු විසින් ගොනු කර ඇති ක්වෝ වොරොන්ටෝ රිට් ආඥාවක් නිෂ්ප‍්‍රභ කරන්නැයි ද මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරු සිය විශේෂ අභියාචන පෙත්සම් වලින් ඉල්ලා සිටිති.
පෙත්සම්කාර වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා , ගාමිණී මාරපන , මනෝහර ද සිල්වා, අලි සබ්රි, සංජීව ජයවර්ධන, කුෂාන්ත ද අල්විස් මහත්වරුන් ද, වගඋත්තරකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ .කනග් ඊශ්වරන් , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක සහ නීතීඥ රාවුෆ් හකීම්, ජනාධිපති නීතීඥ ඉක‍්‍රම් මොහොමඞ්, ජනාධිපති නීතීඥ ජේ.සී වැලි අමුණ යන මහත්වරු ද පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහින්දගේ පෙත්සම සළකා බැලීම කල්යයි
Chanak los angeles Wednesday, 16 January 2019 08:42 PM
ලංකා ඉතිහාසයේ පහලවුනු තණ්හාව අධිකම දේශපාලකයා..
Chanak los angeles Thursday, 17 January 2019 01:47 AM
ඕක විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණය නියම තීන්දුව දී අවසානයි ..
Bamunuaarachchi Thursday, 17 January 2019 03:04 AM
මේකත් යු.අන්.පී. කාරයන්ගේ කුමන්ත්‍රණයක්!
HR Thursday, 17 January 2019 12:07 PM
චානක්, අන්න තණ්හාව අධිකම පුද්ගලය මේ දවස්වල රජවෙන්න විවස්ථාව පෙරලනවා.ආ..මට අමතක උනානෙ ඔය රටට ඒවා පේන්නෙ නෑනෙ..