නාලක සංජීව දහනායක
නිල කාලය අවසන්ව ඇති පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් මුදල් වියදම් කිරීමට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයන්ට අද (24) උපදෙස් දී තිබේ.
පළාත් සභාවේ අනුමැතියකින් තොරව මුදල් වියදම් කිරීමට ආණ්ඩුකාරවරුන්ට බලයක් නොමැති බැවින් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් මුදල් වියදම් කිරීම නීතිවිරෝධී ක‍්‍රියාවක් බව පක්‍ෂ නායකයන් විසින් මෙහිදී හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
ඒ පිළිබඳව සොයා බලා නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට හා සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමැති මහීපාල හේරත් මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උපදෙස් දී තිබේ.
එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා දක්වන අදහස් සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොකරන ලෙසත් හිටපු ජනාධිපතිවරයා විසින් මෙහිදී ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායකයන්ට දැනුම්දී ඇත.
ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අද (23) පස්වරුවේ පැවැත්විණි.
COMMENTS
සභාග ආණ්ඩු හදන්න ජනාධිපතිවරයා එක්ක රහස් සාකච්ඡා කරන වෙලේ පලාත්සභාවල සීමා නිර්ණය අවසන් කරවා නව මැතිවරණ ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීමට හෝ නව මැතිවරණ ක්‍රමයට සීමා නිර්ණය අවසන් නැති නිසා පරණ මැතිවරණ ක්‍රමයට ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව එකග කරවා ගන්න උනන්දු උනා නම් විපක්ෂය හැටියට තමන්ගේ කාර්යභාරය ඉටු කලා වෙනවා.
රජ වෙලා ඉන්නකොට මේ විදියට හොයල බැලුවනම් ෆයිල් හංගන්නේ නැතිව නේද ? කවුරුත් පොඩි තැනෙ ඉන්නකොට නීතියට වැඩ කරනවා ඉහලම පුටුවට යන්න ඕන නිසා රජ පුටුවෙන් මන්ත්‍රී පුටුවට නායකයින්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේපුටු දෙකෙන් දෙවියන් දෙන්නේ එක අවස්ථාවයි.... ඒ අවස්ථාවෙන් අයුතු විදිහට ප්‍රයෝජන ගත්තොත් නැවත හිටපු තත්වෙටම යනවා.... ජනතා මුදල් කොපමණ නාස්ති කෙරුවද?
මෙයා මේ මොකටද එන්න හදන්නේ...?
ඔබතුමා බලයේ ඉන්න කාලේ දිවිනැගුම මුදල් බලය පාර්ලිමේන්තුවට දෙන ලෙස එවකට අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක මහත්මිය නියෝග දුන්න නිසා, එතුමියව ඉතා අසීලාචාර විදියට නෙරපා හැරියා. දැන් ඔබට බලය නැතිවෙනකොට තමයි නීතිරීති මතක් වෙන්නේ... තමන් කරනකොට හරි, අනුන් කරනකොට වැරදි.
එතුමා කියනදේ පමණක් කරන්න
ඇදේට ගිය මහා කකුළුවා පොඩි කකුළුවන්ට කෙලින් යන්න උපදෙස් දෙනවා .
දුන්න උපදේශය අනිවාර්යයෙන්ම " මම කියනදේ විතරක් කියන්නත් කරන්නත් හිතා ගන්න" කියල වෙන්න ඇති.