IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයක අනවසර කැණිමක්

(දයාරත්න ඇඹෝගම)

මිහින්තලේ,කුරුන්දන්කුලම ආසන්නයේ පිහිටි විහාරස්ථානයක පිටුපස පුරාවිද්‍යා රක්ෂිතයේ ඩෝසර් යොදා ගනිමින් පිරිසක් විසින් කැණිම කරන බවට ප්‍රදේශවාසිහු චෝදනා කරති.

මෙම රක්ෂිතයේ දේවානම්පියතිස්ස රජ සමයේ ඉදිකළ වෙහෙර විහාරවල නටඹුන් පවතින බවද ඔවුහු පවසති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් පිරිසක් විසින් අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද පැමිණිලි කොට තිබේ.

මේ සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මිහින්තලේ පුරාවිද්‍යා කලාප භාර නිලධාරි මංජුල රත්නායක මහතා ගෙන් සිදුකළ විමසුමේදි ඒ මහතා මෙසේ පැවසිය.

ප්‍රදේශවාසින් විසින් සිදුකළ දැනුම් දිම මත එම ස්ථානය පරික්ෂා කළා.

කිසියම් පිරිසක් විසින් ඩෝසර් යන්ත්‍ර යොදා කැණිම් කර තිබෙන බව දක්නට ලැබුනා.

එම ස්ථානයේ ස්මාරක කිහිපයක්ම තිබෙනවා.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයක් නොලබා කිසිවෙකුටත් මෙම ස්ථානයට ඇතුල් වෙන්න බැහැ.කැණිම් කරන්නත් බැහැ.මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂකවරයාත් දැණුවත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සදහා සහකාර අධ්‍යක්ෂකවරයා හෙට(26)දින පැමිණෙන බව දැණුම් දුන්නා.ඉන්පසුව මෙම කැණිම් කටයුතු කරන පිරිසට විරැද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද මංජුල රත්නායක මහතා මෙහිදි පැවසිය.

 

 



අදහස් (0)

මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයක අනවසර කැණිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site