(මනුල වික්‍රම)
පරිසර හිතකාමී ක්‍රමවේදයන්ට අනුව මිහින්තලේ ඉදිකිරීමට නියමිත ලොව ප්‍රථම සත්කාර සේවා රෝහලට මුල්ගල් තැබීම වනජිවි හා ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) සිදුකෙරිණි.
ඕස්ට්‍රෙලියාවේ ශාන්ති පදනමේ අනුග්‍රහයෙන් ඉදිවන මෙම රෝහල වකුගඩු රෝගීන් සහ පිලිකා රෝගීන් වෙනුවෙන් විශේෂයෙන් ප්‍රතිකාර කිරීමට ස්ථාපිත කරනු ලබන අතර ඒ සඳහා ශාන්ති පදනම වැයකරන මුදල රුපියල් මිලියන 120 කි.
මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබූ මෙම උත්සවයට මහ සංඝරත්නය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
භූතානයේ මහා සංඝරත්නය සහ එරට සංස්කෘතික කණ්ඩායමක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.




COMMENTS
මේක මිහින්තලේම ඉඳි කරන්න ඕනෙද? ඇයි වෙන කිසිම තැනක් නැත්ද? මේ පන්සලට අයිති ඉඩමක්ද? බුද්ධාගම බේරා ගන්න කියලා හොර දේශප්‍රේමියෝ පොළොවේ හැපි හැපී ගෙනල්ලා තියෙන්නේ බුදු දහම සහ සම්බන්ධ සියලු ස්ථාන නැති භංගස්ථාන කරන පාලනයක්. වහල් ආණ්ඩුවත් ඉස්පිරිතාලයක් හදන්න හැදුවා දඹුල්ලේ පන්සලට අයිති ඉඩමක. හැදුවද නැත්ද මම දන්නේ නැහැ. වකුගඩු රෝගීන් සුව කරන්නත් පුළුවන් හැදෙන එක නවත්තන්ත් පුලුවන්. ඒක ගැන කිසි උවමනාවක් නැහැ. බහු ජාතික සමාගම් වල බටහිර බෙහෙත් මාෆියාවට තල්ලුව දෙන විදිහට ඉස්පිරිතාල හදනවා.
හොඳ වැඩක්. නමුත් ඔවුන් විවෘත කළ ආකාරය එතරම් හොඳ නෑ. අපි වෙනස් විය යුතුයි. අපි තවමත් පරණ මිනිසුන් ලෙසයි වැඩ කරන්නේ.
"පරිසර හිතකාමී රෝහලක්" කියන වචනවල අදහස පැහැදිලි නැහැ...!!!, දැන් රටේ තිබෙන රෝහල් පරිසර හිතකාමි නොවේද? ඒ කෙසේවෙතත් "රෝගි හිතකාමී" රෝහල් නම් රටට බොහෝ අවශ්‍යයි.
Champa කියන කෙනාගේ ප්‍රතිචාර මම හොඳට අධ්‍යයනය කළා. තියෙන්නේ පුදුම බොරු ගායක්... කවුද කියලා හිතාගන්න බැහැ.
රුපියල් මිලියන 120කින් සම්පූර්ණ රෝහලක් හදන්න පුළුවන්ද? පොඩි ඩිස්පෙන්සරි එකක් වගේ ඇබිති රෝහලක් හදාගන්න පුළුවන් වෙයි. එ්ත් අවශ්‍ය උපකරණ ගන්න සල්ලි තව ඕනෑවෙයි. මට පේන්නේ පන්සල්වල ඉන්න බිස්නස්කාරයින් තව ඉල්ලමක් පාදගන්න ට්‍රයි එක වගේ... ඔය සල්ලිවලින් ළඟ තියෙන මහරෝහලක වකුගඩු රෝගීන්ට වාට්ටුවක් හදාදුන්නා නම් මීට වඩා අගෙයි. එ්ක පරිසර හිතකාමී විදිහට හදන්න බැරිකමක් නැහැනේ... අවශ්‍ය කාර්යමණ්ඩලය සහ පහසුකම් සපයාගනීමත් අමතර වියදමකින් තොරව කරන්න පුළුවන් මිලියන 120න් අංගසම්පූර්ණ වාට්ටුවක් හදන්නත් පුළුවන්...