(විනීතා එම් ගමගේ)
පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමියේ අනවසරයෙන් අල්ලා ගෙන කණු ගසා තිබු ප‍්‍රදේශයක, පුරා විද්‍යා හා වෙරළ සංරක්ෂණ නිලධාරින් විසින් පොලිස් ආරක්ෂාව ද සහිතව එම කණු ඉවත් කිරීමෙන් පසු පොතුවිල් පොලිසිය එම කණු ඉවත් කළ පුරා විද්‍යා හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පරිසර අමාත්‍යංශයේ අද (13) පැවති රැස්වීමක දී හෙළි විය.
පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති ඉඩම හා ඊට යාව ඇති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙරළ තීරය අල්ලා ගනිමින් මෙම පිරිස කණු සිටවා ඇතැයි එම දෙපාර්තමේන්තු දෙකට ලැබී තිබූ පැමිණිල්ලක් මත පරිසර අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන, වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුද පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් හා වෙරළ සංරක්ෂක නිලධාරින් ද අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින් ද සමග ඉකුත් 3 දා එහි ගොස් කළ පරික්ෂාවක දී මෙම ඉඩම් අල්ලා ගැනීම දැක ගැනීමට හැකි වී ඇත.
අනතුරුව එම නිලධාරින් විසින් එම ඉඩම්වල ගසා ඇති කණු ඉවත් කරන ලෙසත් එසේ නොකල හොත් නීතිය ක‍්‍රියාත්මක කරන බවත් අදාල පිරිසට දන්වා ඒ පිළිබදව පොතුවිල් පොලිසියේ පැමිණිල්ලක් ද සටහන් කර ඇත
කෙසේ වෙතත් එම පැමිණිල්ල පිළිබදව කිසිදු විභාගයක් සිදු වී නැති නිසා ඉකුත් 12 වැනිදා පොලිස් ආරක්ෂාව ද සහිතව එහි ගොස් එම කණු ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ නිලධාරින් හා පුරා විද්‍යා නිලධාරින් කටයුතු කර තිබේ.
පුරා විද්‍යා පනත අනුව මෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු පනත අනුව ද මේ සදහා නිලධාරින්ට බලය පවතින බැවින් එසේ ඉවත් කළ බවත් ඉන් අනතුරුව එම ඉඩම් අල්ලා ගත් පිරිස පොතුවිල් පොලිසියේ කර ඇති පැමිණිල්ලකට අනුව එකී කණු ඉවත් කළ රජයේ නිලධාරින්ට එරෙහිව පොතුවිල් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ලංකාදීපයට පැවැසීය.
ඇදිරි නීතියට මුවාවී ජාතික උරුමයන් විනාශ කරන පිරිසකට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකල පොලිසිය එම උරුමය රකින්නට ක‍්‍රියාත්මක වන රජයේ නිලධාරින්ට එරෙහිව විමර්ශන ආරම්භ කිරීම පුදුමයට කරුණක් යැයි ද චන්ද්‍රකීර්ති මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම වැඩක්නේ? මුස්ලිම් පල්ලියක අගලක් අල්ල ගත්තොත් කව්රුහරි මුළු මුස්ලිම් කට්ටියම මන්න පොලු අරන් එන්නේ. නමුත් ගැසට් කරලා තියෙන බෞද්ධ උරුම අක්කර ගණන් අල්ලගන්නකොට ඒවා නවත්වන නිලදාරීන්ට මෙහෙමද සලකන්නේ? කව්ද මේවා පිටි පස්සේ ඉන්නේ?
ජනාධිපතිපති, අගමැති, ආරක්ෂක ලේකම්, තාම ගිය ආණ්ඩුවේ අය වෙන්න ඇති..
උරුමයක් නැති අයට, අන් අයගේ උරුමය දකිනකොට ඇස් වලට අනිනවා වගේ ඇති.
මෙ චන්දෙ අතළග තියෙද්දී ඔවැනි නොහොඹිනා වැඩ නොකර හිටියොත් හොදයි අධ්‍යක්ෂකතුමෝ...
පොතුවිල් පොලීසිය අයිති ඉන්දියාවටද, පාකිස්තානයටද? මධ්‍යම රජය මේ ගැන වහා ක්‍රියාත්මක වේ යැයි විශ්වාස කරමි.
පොතුවිල් පොලිසියත් අනවසර පදිංචිකරුවන්ගේ "ග්‍රහණයට" හසුවී ඇති බව පැහැදිලියි. වහාම ඔවුන් ඉන් නිදහස් කර සුදුසු පියවර ගන්න.
පොතුවිල් පොලීසියේ සේවය කරන කාලකණ්ණි පිරිසගේ වැඩ තහනම් කර නිසි පරීක්‍ෂණයක් කළ යුතුය.
පුදුම වෙන්න දෙයක් නැහැ. බෞද්ධ රටක් වුනු මාලදිවයිනේ අද වනවිට සියලු බෞද්ධ නටඹුන් විනාශ කරලා.
එතකොට ඒගොල්ලෝ කියන්නේ පුරාවිද්‍ය ඉඩම බලෙන් අල්ලන එක හරි කියලාද ?
මේක තමයි ප්‍රශ්නේ. රාජ්‍ය සේවකයෝ පගා අරගෙන ඕනෙම කෙනෙකුට ඕනෙම නීති විරෝධී වැඩක් කරන්න දෙනවා. දැන් මේ අල්ලාගෙන ඉන්න ඉඩම්වල තියෙන ගෙවල් වලට විදුලිය ,ජලය ,දුරකථන පහසුකම් දුන්නේ කවුද? ඒ අයත් අල්ලලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. පොලීසියේ ඉන්න රජෙයෙන් පඩි අරගෙන රටටම කෙළවන අය ටිකයි, රාජ් යසේවයේ ඉන්න ආණ්ඩුවෙන්ම පඩි අරගෙන නීතිවිරෝධී වැඩ කරන පගා මරුවෝ ටිකයි නැතිනම් මෙලහටත් මේවා විසඳිලා. බලෙන් අල්ලාගෙන එනවා පොලිසියට පැමිණිලි කරන්නත් ...මොන ජාතියේ උනත්. මේ සියලුම ඉඩම් නැවත අයිති තැනට බාරදීලා මොවුන් යායුතුයි.