(එම්.සුසිල් ප්‍රියන්ත )
මුහුදේ දිය නෑමට ගිය කාන්තාවක් අද (16) මුහුදේ ගසාගෙන ගොස් මිය ගොස් ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි .
මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගොඩ හැගල්ලේ පදිංචි එස්.නිෂානි මධුෂිකා නමැති විසිඅට හැවිරිදි කාන්තාවක් බවද පොලිසිය කියයි .
කොස්ගොඩ ගල්බොක්ක වෙරළ තිරයෙන් නෑමට ගොස් සිටියදී මේ කාන්තාව මුහුදේ ගසාගෙන ගොස් ඇති බව ද පොලීසිය කියයි .
පවුලේ අය සමග මුහුදේ නෑමට ගොස් සිටියදී ඇය මේ අනතුරට ලක්වී ඇති බවත් මුහුදේ ගසාගෙන ගිය ඇය ගොඩට ගෙන රෝහල් ගත කිරිමට කටයුතු කලත් ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකිවී ඇති බව ද පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd