(ඉන්දිකා රාමනායක)

කොළඹ වරායට නාවික සැතපුම් 9ක පමණ දුරින්  ගිනි ගන්නා නැවේ මුහුදට වැටුණු බහලුම්වලින් මුහුදු ජලයට වස එක්වී ඇත්දැයි සෙවීමට බහලුම්වල සාම්පල් සහ මුහුදු ජලයේ සාම්පල් වරාය පොලිසිය විසින් අද  රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

මෙම නෞකාවේ බහාලුම්වල ගින්න හේතුවෙන් අපද්‍රව්‍ය මුහුදට වැටී පරිසරය හා වෙරළ ආශ්‍රිත ප්‍රදේශ දූෂණයට ලක්වී ඇතැයි ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ජගත් මෙන්ඩිස් ගණසේකර මහතා ඉකුත් (23)පොලිසියට පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කළ බව අජිත් රෝහණ මහතා කියයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර අධිකරණ නියෝග යටතේ මෙම සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදුන් බවද අජිත් රෝහණ මහතා පැවසීය.