(චන්දන ප‍්‍රනාන්දු )
නයිනමඩම වෙල්ලමංකරය මුහුදේ තම පවුලේ සාමාජිකයන් සමඟ දියනාමින් සිටි විදේශිකයෙකු ගිලි මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පැවසීය .
මෙලෙස මියගොස් ඇත්තේ ජර්මන් ජාතික එලියාස් නිහාන්යාර් (28) නැමැත්තෙකි.
මෙම විදේශිකයා ලාංකික කාන්තාවක් සමග විවාහා වි ඇති බවත් ඊයේ (12) දිනයේදි ජර්මනියේ සිට නිවාඩුවකට ලංකාවට පැමිණ ඇති බත් පොලිසිය පවසයි.
වෙන්නප්පුව බෝලවත්ත රංගම්මුල්ල ප‍්‍රදේශයේ බිරිඳගේ නිවසට පැමිණ අද (13) දහවල් නයිනමඩම වෙල්ලමංකරය මුහුදේ දියනෑමට ගොස් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
දිය රළකට හසුව ගසාගෙන යමින් සිටියදි ප‍්‍රදේශවාසීන් එක්ව ගොඩට ගෙන රොහලට ගෙනයමින් සිටියදි විදේශිකයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
වෙන්නප්පුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd