(ඩයනා උදයංගනී)

මන්නාරම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් හෙට (8) පෙරවරුවේ සිට ලබන 10 වැනිදා පෙරවරුව දක්වා ධීවර කටයුතුවල නිරතවීම අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 -- 70 පමණ දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මන්නාරම සිට පුත්තලම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ ද තරමක් රළු විය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙම මුහුදු ප්‍රදේශවල නාවුක කටයුතුවල යෙදීමේදී ද අවධානයෙන් කටයුතු කළ යුතු බව ඔහු කීවේය.