(රංජිත් රාජපක්ෂ)
මහත්මා ගාන්ධිගේ 150 වැනි ජන්ම දින සංවත්සරයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් නුවරඑලිය රම්බොඩ ඩන්සිනන් වතුයායේ ඉදි කරන ලද මහත්මාගාන්ධිපුර නව ගම්මානයේදී අද (20) සිදු කෙරිණි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක , මානව වැවිලි භාරයේ සභාපති පුත්‍රසිගාමනි ,මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන නිලධාරී මංජුනාත් යන මහත්වරු ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් එම වතුයායේදී මෙම රුක් රෝපණ වැඩසටහන සිදුකළහ.
මෙම රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ගාන්ධිපුරම් නව ගම්මානයේ පදිංචි වතු කම්කරුවන්ට ආර්ථික වශයෙන් වටිනාකමක් ඇති පැළ විශාල ප්‍රමාණයක් ගෙවත්තේ රෝපනය කර ගැනීම සඳහා මෙහිදී බෙදා දුන්නේය.
එම වතුයායේ මේ වන විට ඉන්දියානු රජයේ සහ කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ නිවාස 383 ක් ඉදිකර වතු කම්කරු අයිතියට පත් කර ඇත.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.