
(ඩී.ජී.සුගතපාල සහ ලලිත් චාමින්ද )
මුහුණු පොත හරහා සංවිධානය කරතිබු සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග තරුණ තරුණියන් 28 දෙනෙකු අත් අඩංගුවට ගත් බව අක්මිමණ පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇති පිරිස අතර තරුණයින් 26 ක් තරුණියන් දෙදෙනෙකි.ඔවහු මාතලේ,අනුරාධපුර,මොරටුව,අම්පාර සහ කොළඹ ආදි ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
පොලිසියට ලැබුණ තොරතුරක් අනුව අක්මිමණ පොලිස් වසමේ රත්ජම්බුගහ පොම්පාගාරය අසල හෝටලයක් වටලා මෙම පිරිස සහ මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගෙන ඇත.
පොලිසිය වටලන අවස්ථාවේ මත් ද්‍රව්‍ය පාවිච්චි කර සිටි පිරිස සංගිතයට අනුව නටමින් සිටි බවත් බොහෝ දෙනෙකු ප්‍රකෘති සිහියෙන් තොරව සිටි බවත් පොලිසිය පවසයි.
කරාපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මෙම මුහුණු පොත සාදය සංවිධානය කර ඇති අතර අත් අඩංගුවට ගත් සියලු දෙනාම විස මත්ද්‍රව්‍ය පාවිච්චි කිරිමට අමතරව නිරෝධායන නීති උල්ලංඝනය කිරිම යටතේ අද(30) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විකාරයක් ද මේ..? උදේ ඉඳන් හවස් වෙනකල් මුහුණු පොතේ හිටියත් අපිට කතා කරන්නේ නැහැනේ මේ සාදවලට...
මෙවැන්නන් හට උපරිම දඬුවම් ලබා දිය යුතුයි..