
(ඩයනා උදයංගනී)
මහජන බැංකුව සිය අසාධුලේඛනයෙන් ඉවත් කිරීමට මෙරට චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය පියවර ගෙන ඇත.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් පසුගිය ඔක්තෝබර් මාසයේදී, මහජන බැංකුව අසාදුගත කරනු ලැබුවේ චීන සමාගමකින් ආනයනය කිරීමට තීරණය කර තිබූ කාබනික පොහොර තොගයක් සඳහා ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව හේතුවෙනි.
මතභේදයකට ලක්වූ එම කාබනික පොහොර තොගය ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කර තිබුණේ, මහජන බැංකුව හරහා වූ බැවින් මෙම පියවර ගෙන තිබිණි.
පසුව එම සමාගමට ඩොලර් මිලියන 6.9ක් වන්දි ලෙස ගෙවීමට ශ්‍රී ලංකාව කටයුතු කළ අතර එම ගෙවීම් සිදුකිරීමෙන් පසු මෙම තීරණය ගත් බව චීන තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.
COMMENTS
යසට තිබුන රටක් මේ පාලකයෝ විනාශ කරපු හැටි
එදා මහානායක සුවාමීන්වහන්සේ ඉදිරියේ එස් බී සහ ඊයේ වියත්මග රාජ්‍ය ඇමති ජයසුමනත් කිව්වා චීනය ඕනේ තරම් මුදල් සහ බෙහෙත් වර්ග දෙන්න සුදානම් කියල. මේ පාලකයෝ චීනය වර්ණනා කරන්නේ අපේ මිත්‍ර රට කියල. අවංකවම චීන අපිට ආදරේ නම්, ඒ වගේම චීන අපේ මිත්‍ර රට නම්, මෙහම කුණු ගොඩට අපෙන් මුදල් ගනීවිද? ඔක්කොමට කලින් චීනුන් අපේ පාලකයන්ට කොමිස් මුදල දීල, යටත් කරගන්නවා. එක තමයි වෙන්නේ. දැන්වත් ජනතාව තේරුම් ගතයුතුයි.
අන්තිමේදී ගුත් නෑ, නිකන් $ මිලියන් 6.7 ගෙව්වා. නමක් නැති අමනුෂ්‍ය ආත්මයකින් අත්සන් කරන ලද එල්.සී එකක්. වරදක් කර එකෙක්ගේ නමක් වත් තාම දන්නේ නෑ . ගෝටගේ වගවීම. වෙනද දඩයක්කාරයෙක් හරි අල්ලගන්නවා මේපාර එහෙමවැත් නෑ
වෙළඳ ගනු දෙනු වලට තානාපති කාර්යාල සම්බන්ධ වෙන්නේ චීනයේ විතරමද
ඩොලර් 69 ලක්ෂයක්. හොඳට පුරුදු සංඛ්‍යාවක්!