IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


මහාචාර්ය මෙත්තිකා ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට

(ඩයනා උදයංගනී)

ලොව විශාලතම විද්‍යාත්මක පර්යේෂණ දත්ත එකතුවක් සහිත ආයතනයක් වන ‘ක්ලැරිවේට් විශ්ලේෂකයන්ගේ කණ්ඩායම’  (Clarivate™)  මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට මෙවර (2021) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ නම ද ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලාංකිකයකු මෙම ලැයිස්තුවට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාරිසරික විද්‍යාව ආශ්‍රිත පර්යේෂණාගාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ලෙස ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කටයුතු කරන අතර මෙම ලැයිස්තුවට නම ඇතුළත්වීම ලොවපුරා විද්‍යාඥයන් දහසකින් එක් අයකුට හිමිවන අවස්ථාවක් බව ද ඇය කීවාය.

ගතවූ වසර 10ක කාලයකදී විද්‍යාඥයන් විසින් විද්‍යා වෙබ්වල පළකරන පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව සහ ඒවායේ වටිනාකම සැලකිල්ලට ගනිමින් මෙම ලැයිස්තුවට සැකසීම සිදුවන බව ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පැවසුවාය.

ලොවපුරා පර්යේෂකයන් විසින් 2021 වසරේ දී, විවිධ ක්ෂේත්‍ර යටතේ පළකළ පර්යේෂණ පත්‍රිකා අතරින් විවිධ ක්ෂේත්‍ර වල පරීක්ෂණ සඳහා සුවිශේෂී බලපෑම් ඇතිකිරීමට ඉවහල්වූ සහ වැඩිම උපුටා දැක්වීම් කළ පරීක්ෂණ පත්‍රිකා හිමි විශිෂ්ටතම පර්යේෂකයන් අතර ශ්‍රේණිගත වී සිටීම ගැන ශ්‍රී ලාංකිකයෙක් ලෙස තමන් අතිශයින් සතුටු වන නමුත් එම පර්යේෂණයන්ගෙන් රට ප්‍රයෝජනයක් නොගැනීම ගැන කණගාටුවක් ඇතැයි ද ඇය සඳහන් කළාය.



අදහස් (7)

මහාචාර්ය මෙත්තිකා ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට

sachith Wednesday, 17 November 2021 01:30 PM

වෙන රටවල පාලකයෝ මේ වගේ අයව හරි තැන් වලට පත් කරලා උපදෙස් අරගෙන රටවල් පාලනය කරනවා ,අපේ කට්ටිය පැණි ධම්මිකලයි ,මුට්ටි වයිට්ලගෙන් උපදෙස් අරගෙන රට විනාශ කරනවා

:       0       0

sharm warn Wednesday, 17 November 2021 01:31 PM

මැතිනියනි අපි ඔබ ගැන ආඩම්බර වෙනවා හදවතින්ම.

:       0       0

දාස Wednesday, 17 November 2021 01:36 PM

චීන පෝර මේ රටට වස වෙනවා කිව්ව ඔබතුමියට ජාතියේ ප්‍රණාමය

:       0       0

Klal Wednesday, 17 November 2021 04:23 PM

මෙවැනි අයගෙන් රටට වැඩක් නැද්ද ?එහෙම නැත්නම් වැඩක් ගන්නේ නැත්ද ?වැඩක් ගන්න දන්නේ නැද්ද ?එහෙමත් නැත්නම් මේ රිසර්ච් අපේ රටට ගැලපෙන්නේ නැද්ද ?ලොකු අවුලක් තියනවා වගේ පෙනෙන්නේ මට විතරද ?

:       4       8

SUNIL MILANO Wednesday, 17 November 2021 04:31 PM

ඔබතුමියට හෘදයාංගම ප්‍රණාමය පුදකරමි .මෙතුමිය මුළු මහත් ස්රිලන්කාවටම ඉමහත් ආඩම්බරයක් .බුදුසරණයි

:       4       7

Chandima Wednesday, 17 November 2021 05:24 PM

අපේ රටේ මොනතරම් උගත්තු උන්නත් වැඩක් නැහැ අර පඬි වරු 225 තමයි හැමදේම කරන්නේ.

:       0       0

අප්පුහාමි Wednesday, 17 November 2021 05:44 PM

චිරන් ජයතු මැතිණියනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1469 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1315 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site