
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහකුඹුක්කඩවල කොහොඹගස්වැව ප්‍රදේශයේදී අද (10) අලුයම අලියකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මරණයට පත් වීමේ සිද්ධියත් සමඟ සිරුර තිබූ ස්ථානයට රැස්වූ ගම්වැසියන් වන ජීවි හා වන සංරක්ෂණ ඇතුළු නිලධාරින්ට චෝදනා නගමින් කලහකාරී ලෙස හැසිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් මතුව තිබේ.
ගැමියෝ 1000 කට ආසන්න පිරිසක් එම ස්ථානයට රැස්ව සිටිති.
පසුගිය මාස කිහිපයක් ඇතුළත මහකුඹුක්කඩවල අවට ප්‍රදේශයන්හී පුද්ගලයින් සිව් දෙනෙකු වල් අලින්ගේ පහර කෑමට ලක්ව මරණයට පත්ව ඇති බවත් මේ සම්බන්ධව වගකිව යුතු නිලධාරීන් අවධානය යොමු කළ යුතු බවත් රැස්ව සිටි පිරිස පැවසූහ.
අලියා පහරදීමෙන් අද උදෑසන මරණයට පත්වූයේ මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පදිංචි (40) එක්දරු පියෙකු වන බී.එම්.සංජීව බාලසූරිය යන අයෙකි.
මොහු පෞද්ගලික ඇගළුම් කම්හලක සේවය සදහා යමින් සිටියදී මෙසේ අලි ප්‍රහාරයට ලක්ව මරණයට පත්ව ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.


සබැඳි පුවත්
COMMENTS
ඔය පැතිවලින් පාර්ලිමේන්තු ආපු අය ඔය ප්‍රශ්න ගැන එක වචනෙකින් කතා කරලා මැදිහත් වෙලා නෑ. ඒත් ඔය මිනිස්සුම ඒ අයව උඩ්න්ම දිනවලා පාර්ලිමේන්තු එවලා තියෙනවා. පාරවල්වල උද්ඝෝෂණය කරන්න කලින් ඒ මහජන නියෝජිතයන්ව බෙල්ලෙන් අල්ල ගන්න ගියා නම් තමයි හොඳ. කණගාටුයි මරණය ගැන.
අවු 10 ට වැඩි කාලයක් බලයේ ඉඳල ඔය ප්‍රශ්නය විසඳපු නැති අයට නැවත බලය දුන්නනේ, දැන් ඉතින් තව අවු 5 ක් බලාගෙන ඉන්න.