(ජයන්ත සමරකෝන්)
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු බැලීමට පැමිණි පුද්ගලයකු ගෙනා කෑම පාර්සලයක, කුකුළු මස් පලුවක තිබී ජංගම දුරකථන 2ක් සහ මත්කුඩු පැකට් 2ක් අද(26) සොයාගත් බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
කෑම පාර්සලය පිළිබඳව සැක සිතී කළ පරීක්ෂාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම උපකරණ සමඟ සැකකරු පොලිසියට භාර දී ඇතැයි පැවසේ.
මෙම ජංගම දුරකතන සහ මත්කුඩු පැකට් කුකුල් මස් පලුවේ සූක්ෂම ලෙස සඟවා තිබූ බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
කුකුල් මස් ව්‍යාංජනයකින් දුරකතන හමුවූ ප්‍රථම අවස්ථාවද මෙය බව එම ප්‍රකාශකයා කීය.
සිද්ධිය පිළිබඳව බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
අර අහිංසක මනුස්සය අපරාදේ නිකන් බොරුවට අල්ලාගත්තේ. ඔය කුකුළා ෆෝන් දෙකක් කාලා තිබුන වෙන්න බැරිද ?
මොනතරම් දියුණු දක්ෂ ජාතියක්ද අපේ රටේ ඉන්නේ. බලන්න මේ තරම් දෙයක් සූක්ෂම විදියට කරන්න මොන තරම් මොලයක් දක්ෂකමක් හැකියාවක් තියෙන්න ඕනද. ඒ වගේම මේ දේ අල්ලගන්නත් ඊට නොදෙවෙනි හැකියාවක් දක්ෂකමක් මොලයක් තියෙන්න ඕනා. මට නම් තියෙන පුදුමේ මෙච්චර දියුණු අති දක්ෂ මිනිස්සු ඉන්න අපේ රට ඇයි තවමත් සංවර්දනය වෙලා නැත්තේ කියලයි.
හොරකමට තමා මොලේ යොදවන්නේ. ඒකයි දියුණුවක් නැත්තේ. හොරාව තමා තෝරා පත් කරගන්නේ.
පුළුවන් නම් මාළු කැල්ලක වුනත් අපේ අය දුරකතන හන්ගයි.