
(අමිල සම්පත් ශ්‍රී)
රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු මත්තල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද ගවයන් 22 බණ්ඩාරවෙල මස් කඩයකට රැගෙන යමින් සිටියදී ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය
ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමය විසින් ප්‍රධාන සැකකරුට 2020 වර්ෂයේ වන සත්ව සංවිධානයේ සභාපති ලෙස සහතික පත්‍රයක් නිකුත් කර ඇති අතර එම සහතික පත්‍රය ප්‍රයෝජනයට ගෙන ගවයින් ප්‍රවාහන කටයුතු නීතිමය අවසරයකින් තොරව සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
ප්‍රදේශයේ ගවපට්ටිවලින් මිලදී ගන්නා ගවයින් මෙලෙස ප්‍රවාහනය කරන බව පෙන්වා සැකකරු මෙම හරක් ප්‍රවාහනය කර ඇත.
ගවයින නිදහස් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ලබාදී ඇති ස්තුති ලිපියක් පෙන්නා සැකකරු පැන යාමට උත්සහා කළ ද එය අසාර්ථක වී ඇත.



COMMENTS
පොහොට්ටු මස් වැද්දන්...
කාලකන්නි මේ අය තමයි මේ රට මේ තත්වයට පත්කරලා තියෙන්නේ.. සුදු සරම, කමිසය ඇඳගෙන තියෙන බලුවැඩ සේරම කරන්නේ රටේ නීතිය අතට අරගෙන... ලංකාවේ විතරක් තියෙන VIP ලේබලය ගහගෙන යන මේ අයට ජනතාව දෙන්න ඕනේ RIP වෙන්නම...
මේ ආණ්ඩුවේ ලොක්කෝ රටේ වටිනා සම්පත් විදේශිකයින්ට විකුණනවා. ගෝලයින් හරක් හොරකම් කරනවා... ඊයේ වාර්තා වුණා කොටින් වලදාපු රත්තරන් හාරන්න ගිය ඇමති ලේකම්ලා දෙන්නෙක් පිළිබඳව...
ඇමැතියාගෙන්ම ඉගෙන ගන්න ඇති ඉතින්... ඇමැතියාට ඡන්දය දුන්නු සියලුම අයට අපගේ හදපිරි ප්‍රණාමය.
දේශපාලු පිසාචයින් මෙහෙමනම් ඔවුන්ගේ මහඑවුන් ගැන කවර කතාද?...
ඇත්තනේ, මැති ඇමැති ගැහිලි දන්න ලේකම්ලා සොච්චමක් හොයාගන්න හදලා. කකුළුවා ඇදේට ගිහිල්ලා පැටවුන්ට කෙළින් යන්න කියන්න බැහැනේ...
දේශපාලකයින්ගේ සම්බන්ධීකරණ නිලධාරින් පත්කිරීමේදී නිර්ණායකයන් වහාම පැනවිය යුතුයි...
බෛාහෝ දෙනෙක් වටේ ඉන්නේ මේ වගේ හොරු ,ජාවාරම්කාරයො තමයි
අවිහිංසාවාදී මහා සංගමයෙන් තමන්ට ලබාදුන් බලතල ප්‍රකාරව සතුන් ප්‍රවාහනය කළ මේ අහිංසකයා අත්අඩංගුවට ගත් අවිහිංසා විරෝධී නිලධාරින් කවුද? ගරු රාජ්‍ය ඇමැතිතුමනි, වහාම මේ ගැන සොයා බලලා අවශ්‍ය පියවර ගන්න. අඩුගානේ ඔබතුමාගේ අහිංසක ලිපියටවත් ගරු නොකළ නිලධාරීන්ට එරෙහිව වහාම පියවර ගත යුතුයි. අර අහිංසක ඇමැතිතුමා තමුන්ගේ අහිංසක පුරපති ආරක්ෂා කළ හැටි දැක්කාද? දැන්වත් ඒවා ආදර්ශයට ගන්න. මේ වගේ අවිහිංසාවාදීන්ට රජයේ නිලධාරීන්ගෙන් සිදුවන හිංසා වළකමු...
ඕකා රාජය ඇමතියාව මස් කඩේට විකුණුවානම් ජාතික වීරයන්ගේ ලැයිස්තුවට නම දාගන්න තිබුනා. ඒ උනත් කව්රුවත් උගේ මස් කන එකක් නැහැ. දේශපාලකයන්ගෙ සිරුරේ හැම රෝම කූපයක් පාසාම විස.
මේවයෙ නම් ගම් ප්‍රසිද්ධ කරන්න ඕනෑ. එතකොට තමයි සමාජය දන්නෙ කවුද කියල
මේ සම්බන්ධීකරන ලේකම් හම්බයෙක්ද?
හරක් සම්බන්ධ කරන හොර හරක් වෙළෙන්දෙක් ඕනෙ කියලා හිතන්න ඇති. මේ වගේ මොකක්හරි ජාවාරමකින් හම්බකරලා කට්ටිය බෙදාහදාගෙන කාලා ජනතාවට කොකා පෙන්වීම පමණයි වෙන්නේ. ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේම නෑ වගෙයි...