IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


මුස්ලිම් මන්ත්‍රීවරු 8ක් අස්වීමේ ලිපි බාරදෙති

(අජන්ත කුමාර අගලකඩ)
 
කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නවදෙනෙකුගෙන් අටදෙනෙකු සිය ඉල්ලා අස්වීමේ ලිපි අද(06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දී ඇතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග කියයි.
 
මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා හැර අනෙකුත් මන්ත්‍රීවරුන් අටදෙනා මෙසේ සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇත. 
 
කබීර් හෂීම් මහතා විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බැවින්, ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී නැතැයිද පැවැසේ.
 
ඒ අනුව රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, අබ්දුල් හලීම්, අබීර් අලි සියාබ්දින්, ෆයිසාල් කාසිම් මොහොමඩ් හාරිස්, සියාම් අලිසාබීර් සහ අබ්දුල්ලා මහරුෆ් යන මන්ත්‍රීවරුන් අටදෙනා ඔවුන් දැරූ ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇත.
 
කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිධූර දැරූ මුස්ලිම් මන්ත්‍රීවරු නවදෙනෙකු ඉකුත් දෙවැනිදා සිය ධූරවලින් ඉවත්වන බව ප්‍රකාශ කළහ.



අදහස් (13)

මුස්ලිම් මන්ත්‍රීවරු 8ක් අස්වීමේ ලිපි බාරදෙති

Nuashad Thursday, 06 June 2019 12:20 PM

මුළු රටම පුද්ගලයන් තුන්දෙනෙකුට ඇගිල්ල දිගු කරනව නම් එය තුල යම්කිසි සත්‍යතාවයක් තිබිය හැකි, එම නිසා විනිවිදභාවයෙන් යුතුව පරීක්ෂණ කල යුතුයි. ඉන්පසු මහජනතාව දැනුවත් කර ඔවුන් වැරදි කල බව ඔප්පු වුවහොත් ඔවුන්හට දැඩි දඬුවම් දිය යුතුයි.

:       37       503

රවින් Thursday, 06 June 2019 01:15 PM

මෙතෙක් කල් හිටියේ ජනමාධ්‍ය කියනකන්ද?

:       84       422

fasmy Thursday, 06 June 2019 01:32 PM

අපි අවංකව අල්ලාහ්ට අවනත වන පිරිසක් වෙමු. ඉස්ලාමයට පටහැනි කිසිවක් නොකරමු. ගරු මුස්ලිම් නායකයෙනි ඔබලා අද ගත් මෙම තීරණය සමග අපි එකඟ වෙමු ඔබට ජය ශ්‍රී ලංකාවට ජය

:       800       170

godfrey Thursday, 06 June 2019 02:56 PM

මෙහෙම බලද්දී මෙතන එක මැති ඇමතියෙක් මුස්ලිම් ජනතාවට ආදරය කරපු කෙනෙක් නැත.

:       27       311

Bamunuarachchi Thursday, 06 June 2019 03:57 PM

දැන් පසුපෙලට බංකුවක් දාන්න.

:       60       176

CalJan Thursday, 06 June 2019 07:53 PM

ඉතිහාසය අනුව බලන කල වැරදි කරන දේශපාලනයන්ට විරුද්දව කෙරෙන පරීක්ෂණ සහ ඔවුන්ට ලැබෙන දඩුවම් කෙතරම් සාධාරණද? සමහර වෙලාවට පිල් වලට බෙදී අපිම ඔවුන්ව රකිනවා, ඡන්දය දී නැවත ඔවුන්ව පාර්ලිමේන්තුවට යවනවා. මේ අපේ හැම විනාසයකටම මුල එකයි. අද අපේ පුරවැසියාගේ එකමුතුව ශක්තිමත්, පක්ෂක්ග්‍රාහී නොවී නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන්න බල කර සිටිමු. ඒක මෙම තිදෙනාගෙන් පටන් ගමු. ඒ සදහා එකට පෙළ ගැසෙමු එකට සිට ගමු.

:       48       317

KrissFriday, 07 June 2019 12:54 AM

ඔබ හරි. මොන වැරදි වැඩේ කරත් ඡන්දයකින් ගෙදර යැව්වත් ආයෙත් දිනපු පක්ෂයේ ඉන්නවා. පිල් මාරු කරලා ආයෙමත් පාර්ලිමේන්තුවට එනවා. මේ ඡන්ද ක්‍රමය පලමුවෙන් වෙනස් කල යුතුයි. හිතෙන හිතෙන වෙලාවට පිල් මාරු කිරීමට ඉඩ නොදිය යුතුයි. අධිකරණයෙන් වරද කරුවෙකු වූ දේශපාලකයකුගේ ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසි කල යුතුයි.

:       0       43

Sarath Friday, 07 June 2019 01:23 AM

මේ මුස්ලිම් ඇමැතීන් අස්වීම පසුපස භයානක හස්තයක් ඇති බව වගකිවයුත්තන්ට නොපෙනීම අභාග්‍යයකි.

:       29       22

සරත් Friday, 07 June 2019 02:36 AM

ත්‍රස්තවාදෙට කත් අදිනවානම් අයින් වෙන්න කියන්න.

:       26       105

nihal Friday, 07 June 2019 03:15 AM

චෝදනා නොලැබ අස්වීමට හේතුව සෙවීමට අදාළ මන්ත්‍රීන් අධිකරණයට කැදවිය යුතුය.

:       51       58

Amal Friday, 07 June 2019 03:43 AM

මේ රටේ මිනිස්සුන්ට රටේ නීතිය ගෙන විස්වාසයක් නැද්ද. මේ පෞද්ගලික දේශපාලන තරහ මත කටකතා පතුරන්නැතුව අදාල චෝදනා පොලිසියට පැමිණිලි කරන්නට බැරි?

:       0       2

ranjan Friday, 07 June 2019 02:30 PM

ඉස්ලාම් ව්‍යාපාර වර්ජනය කිරීම කළ යුතුයි. තව මේවා දියුණු වුණා නම් තව අවි ලංකාවට ගලාගෙන ඒමට ඉඩ තිබුණා. එහෙම වුණානම් එකවර සිංහලයන් සමූල ඝාතනය වෙන්න තිබුණු ඉඩ වැඩිවෙනවා.

:       0       0

BamunuarachchiSaturday, 08 June 2019 05:52 AM

දැන් අප ගෙනයන වර්ජනවලට සහාය දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1346 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1260 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site