ශ්රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය සිය ප්‍රදර්ශන මාලාවේ තවත් එක් සුවිශේෂි ප්‍රදර්ශනයක් කොළඹ දී ආරම්භ කළේය.
“සේද මාවත ඔස්සේ තරුණ ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප අත්දැකීමක්” ලෙස නම් කර ඇති එම ඡායාරූප ප්‍රදර්ශනය පුරා මසක් තිස්සේ ශ්‍රී ලාංකික ඔබට නොමිලේම නැරඹීය හැකිය.
මෙම ඡායාරූප ප්‍රදර්ශණය දිනපතා උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා විවෘත කර ඇත.
එක් තීරයක්, එක් මාර්ගයක් යන සුවිශේෂි සංකල්පය හා සබඳව සිටින රටවල, තරුණ ඡායාරූප ශිල්පින් රැසක් මේ තරගාවලියට ඉදිරිපත් වූ අතර ඉන් ජයග්‍රාහී ඡායාරූප ද ප්‍රදර්ශනයට එක්ව තිබේ.
(නිමල කොඩිතුවක්කු)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd