
(ඩයනා උදයංගනී)
සංචාරකයින් වෙනුවෙන් ගුවන් තොටුපළ විවෘත කිරීමේ ආරක්ෂිත ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සංචාරක මණ්ඩලය ඇතුළු බලධාරීන් හා සෞඛ්‍ය අංශ එක්ව අධ්‍යයනය කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
සංචාරකයින්ට ගුවන් තොටුපළ විවෘත කරන්නේ නම් ඔවුන් දින 14 ක් නිරෝධායන මධ්‍යස්ථානයකදීත්, තවත් දින 14ක් ස්වයං නිරෝධායනයටත් යොමුකිරීම ප්‍රායෝගික නැතැයි කී විශේෂඥ වෛද්‍යවරයා මසකට ආසන්න කාලයක් නිරෝධායනයේ යෙදීමට සංචාරකයින් පැමිණෙන්නේ නැතැයි ද සඳහන් කළේය.
එබැවින් ඒ වෙනුවෙන් වෙනත් සුදුසු හා රටේ ආරක්ෂාව තහවුරු වන ක්‍රමවේදයක් ඇතිකළ යුතු බව ද සුදත් සමරවීර මහතා කීවේය. මේ සම්බන්ධයෙන් සංචාරක මණ්ඩලය, ගුවන් තොටුපල අධිකාරිය, යුද හමුදාව හා සෞඛ්‍ය අංශ එක්ව සුදුසු ක්‍රමවේදයක් අධ්‍යයනය කරමින් සිටින බව ද හෙතෙම පැවසීය.
ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
විදේශවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, විදෙස් දූත මණ්ඩල හා ඔවුන්ගේ ඥාතීන්, මෙරට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් පැමිණෙන තාක්‍ෂණ නිලධාරීන් හා සේවකයන් ගුවන් මගින් මෙරටට ගෙන්වීම මේ වන විටත් සිදුවන බව කී වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂවරයා සංචාරකයින් ගෙන්වීමට වඩා මුල්තැන ලබාදිය යුත්තේ දැනට විදේශයන් හි අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට බව ද කීවේය.
විදේශයන්හි සිටින පිරිස් ගෙන්වන්නේ ද පී.සී.ආර් පරීක්‍ෂණ කළ හැකි ධාරිතාවය, නිරෝධායන පහසුකම්, රෝහල්වල පවතින ඉඩකඩ ආදිය සළකා බලමින් බව ද හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
COMMENTS
ඔය සෞඛ්‍ය සේවයේ තිබෙනවා කියන අඩුපාඩු ටික හොයාගන්න මාස 06කුත් ගතවෙලත් බැරිවුණාද? අපේ විදේශ ශ්‍රමිකයෝ නිකරුණේ දුක් විඳින්නේ බලධාරීන්ගේ තිබෙන දුර්වල කම් නිසා.. මුළු රටම වහගෙන.. ආර්ථිකයත් කඩා බිඳදමාගෙන... අපි කොරෝනා මර්ධනය කළා කියමින් පාරම්බාන්න විතරද මේගොල්ලන්ට පුළුවන්..
මේ අවුරුද්දේ බටහිර සංචාරකයින් සියයට 75ක් ඔවුන්ගේ විදේශ සංචාර අවලංගු කරගෙන... සාමාන්‍යයෙන් දීර්ඝ සති අන්ත වල යන්න හිටපු දේශීය සංචාරත් සියයට 73ක් අවලංගු කරගෙන... බටහිර ගුවන් යානා සමාගම් කියන විදිහට පෙර-කෝවිඩ් සාමාන්‍ය තත්වය ඇති වෙන්න තව අවුරුදු කීපයක් යනවලු. සංචාරකයින්ට තියෙන ප්‍රශ්නය නිරෝධායනයට වඩා, ගුවන් යානාවල ඉතා කිට්ටුවෙන් මගීන්ට ඉඳගෙන ඉන්න සිදුවීම. දුර රටවලට සංචාරය කරන කොට පැය 10ක් 15ක් එහෙම ඉන්න සිද්ධ වීම, ඒ වගේම ආහාර ගන්න වෙලාවට ඇර මුහුණ වැස්ම මුළු ගුවන් ගමන් කාලය තුලම පැළඳගෙන සිටීම වගේ දේවල් නිසා බටහිර සංචාරකයන් සංචාර අවලංගු කරගෙන තියෙනවා. මේවා ලංකාවේ පාලනයෙන් බැහැර වෙන දේවල්...
කෝවිඩ් නිසා කඩාවැටෙන යුරෝපයේ සංචාරක කර්මාන්තයට සහනයක් විදිහට මෙව් ග්‍රීෂ්ම නිවාඩුව තමන්ගේම රටේ ගතකරන්න මේ රටවල රජයෙන් සහන පැකේජ් දෙනවා.
මමත් ඉන්නේ සවුදියේ. අපිට ජොබ් එක නැතුව දැන් මාස ගාණක් වෙනවා. යන්න කියලා කිසිම ක්‍රමයක් දන්නේ නෑ. ඉන්ෂුවරන්ස් කියලා මගුලක් කරනවා සල්ලි අරගෙන ෆ්ලයිට් වල ගණන් වැඩිනම් ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවපු එව්වා දැන් ආණ්ඩුව කරන්නෙත් බිස්නස් එකක්... එයා පෝර්ට් එක වහගෙන නිරෝධායනයට ඉඩ නෑ කියලා සල්ලි තියෙන අය විතරක් ගෙන්න ගන්නවා. ඇයි ආණ්ඩුවේ මැති ඇමතිලාගේ දෙවියන්ගේ හොටෙල් තියෙනවනේ..? දෙවියෝ කිව්වේ ඔවුන්ගේ හෙන්චයියන්ට ඔවුන්ගේ හොටෙල් වල බිස්නස් එක වැඩි කරගන්න නිරෝධායනය කරන අය හෝටල්වල නතර කරලා ඔහුගෙන් ගාන කතා ගන්නවා හිතේ හැටියට... සාමාන්‍ය සේවය කරන අය මැදපෙරදිග ඉන්න දුප්පත් මිනිස්සු ගෙන්නන්නේ නැහැ.. ඉඩ නැහැ කියලා. ඒ වුණාට සල්ලි දීලා එන අයට ඉඩ තියෙනවා ඕනතරම්.. ඇයි ඉතින් අනුන්ගේ හෝටල්වලට නෙවේ. එයා පෝර්ට් එක වහගෙන ආණ්ඩුවේ අය හිතන්නේ අපි බබාලා අපි දන්නේ නෑ මේවා කියලා... සල්ලි දීලා එන අයට නිරෝධායනයට ඉඩ තියෙනවා සාමාන්‍ය විදිහට එන අයට තමයි නිරෝධායන ඉඩ නැත්තේ... ආණ්ඩුවේ මැති ඇමතිලාගේ හෙංචයියලාගේ හෝටල් වලට නිරෝධායනය කරන්න දානවා.
සංචාරකයින්ට තියා ගමරට එන විදේශීය ශ්‍රමිකයෙකුටවත් විදේශයක සිටින ස්ථිර පදිංචි කරුවෙකුට හෝ ද්විත්ව පුරවැසියෙකුටවත් එන්නට බැරිවෙනවා.
බටහිර රටවල සිට බැනපු අයට මව්බිම මතක් වෙලා..
මේ මාතෘකාව ඔස්සේ අදහස් ලියන හැමෝම සුලු පිරිසක් හැර ලියන්නේ පිටරට ඉන්න ලක්ශ23 ම ලංකාවට ගරහලා පිටරට ගිහින් එහෙ පුරවැසිකම ගත්ත අය ගානට. හැබැයි එතනින් 90%ක්ම ඉන්නේ තම දරුපවුල රකින්න පිටරටක රැකියාවකට ගිය උදවිය... අවුරුද්දකට හෝ අවුරුදු දෙකට වතාවක් තමන්ගේ රැකියා නිවාඩුවට ලංකාවට එන තම දරුපවුල වැඩිහිටි දෙමාපියන් දකින්න එන උදවිය. පසුගිය සිංහල අවුරුද්දට නිවාඩු එන්න හිටිය අපි අදටත් මෙහෙ හිරවෙලා ලංකාවට යන දවසක් ගැන පේනතෙක් මානෙක නැහැ.. තැලෙන යකඩ හැමපැත්තෙන්ම තැලෙනවා. මෙතන ඉන්න උදවියත් තමන්ට පිටරටකට රැකියාවකට යන්න නොලැබුණු අවනඩුවට පිටරට ශ්‍රමිකයින්ට උඩ පැන පැන තලනවා. කාට කියන්නද මේ අවනඩුව?